මාර්ග තදබදය නවතන්නට අධිවේගී උමඟක් | සිළුමිණ

මාර්ග තදබදය නවතන්නට අධිවේගී උමඟක්

ටෙස්ලා මොටර් රථ සමාගමේ සහ ස්පේස්-එක්ස් අභ්‍යවකාශ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් විසින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි උමඟක් හාරනු ලැබ තිබෙනවා. ඒ තමාගේ තවත් සමාගමක් වන ‘ද බෝරිං කම්පනි’ මඟින්. කිලෝමීටර් 1.6ක් දිග මෙය පැයට කි.මී. 240ක වේගයෙන් කාර් රථවලට ගමන් කළ හැකි ආකාරයට සකසා තිබෙනවා.

ප්‍රදර්ශන අවස්ථාවේදී එය ගැටිති සහිත බවින් යුතු වූ අතර එය ඉදිරියේදී වීදුරුවක් සේ සුමට කරන බවට ඉලොන් පැවසුවා. අත්හදා බැලීමට රේල් පීලිවලට ඈඳූ ඔහුගේම නිෂ්පාදනයක් වන ටෙස්ලා කාරයක් යොදවා තිබුණා. මෙය සැකසීමට සාමාන්‍ය පොළොව විදීමේ ක්‍රමයන්ගෙන් ඇ.ඩොලර් බිලියනයක් පමණ වැයවන නමුත් බෝරිං සමාගමේ ක්‍රමෝපායයන් නිසා ඇ.ඩො. මිලියන 10ක් දක්වා එය අඩු කරගන්නට හැකිව තිබුණා.

 

Comments