ට්‍රම්ප්ගේ තීරණයට බටහිර රටවල විරෝධය | සිළුමිණ

ට්‍රම්ප්ගේ තීරණයට බටහිර රටවල විරෝධය

සිරියාවේ මෙහෙයුම්වල නිරත තම සෙබළුන් ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණයට බටහිර රටවලින් දැඩි විවේචන එල්ල වී තිබේ. ඔවුන් ප්‍රකාශ කළේ ට්‍රම්ප්ගේ මෙම තීරණය පිළිබඳව පුදුම වන බවයි. බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් රැසක් ට්‍රම්ප්ගේ මෙම තීරණය හෙළා දැක ඇත. 
 
එහෙත් රුසියාව පවසන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය යහපත් එකක් බවයි.ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන රිපබ්ලිකන් පාක්ෂිකයන් පවා මොහුගේ මෙම ක්‍රියාව දෝෂදර්ශණයට ලක් කර තිබේ. සිරියාව තුල ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කර ඇති බවට පවසමිනුයි ට්‍රම්ප් මෙලෙස සිරියාවේ මෙහෙයුම්වල නිරත ඇමරිකානු සෙබළුන් ඉවත් කර ගැනීමට තීරණය කරනු ලැබුවේ.
 
මොහුගේ මෙම ක්‍රියාව විවේචනය කරන බටහිර රටවල් තවදුරටත් පෙන්වා දුන්නේ මෙමගින් යම්තාක් දුරට මැඩ පවත්වා ඇති අයි.එස් ක්‍රියාකාරකම් යළි උත්සන්න විය හැකි බවයි.

Comments