
රනිල් වික්‍රමසිංහ මහතා නිසැකවම අගමැති වශයෙන් පත්කර පෙර තිබූ ආකාරයටම රට සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘සිළුමිණ’ ට පැවසීය.
ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ රැසක් ඉකුත් දින දෙකේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.