
අමෙරිකානු ගායකයෙක් වන නික් ජෝනස් විවාහ කරගත් හින්දි නිළි ප්රියංකා චොප්රා තම විවාහ මංගලෝත්සවය පසුගියදා සැමරුවා. බොලිවුඩ් සිනමාව තුළින් ඈට පෙම් බැඳි හැම කෙනෙක්ම මේ විවාහය ගැන උනන්දු වූ නමුත් ලෝකයේ ම වඩාත් සිත්ගත් කරුණක් වූයේ ඇගේ වේල්පට යි. එය අඩි 75ක් තරම් දිගින් යුතු වූ අතර ගෙනයාමට වෙනම කණ්ඩායමක් ද සිටියා. රැල්ෆ් ලෝරන් විසින් නිර්මිත එම වේල්පටෙහි මදර්-ඔෆ්-පර්ල් හෙවත් ‘නක්රේ’ නමැති දිලිසුම්-තිත් මිලියන දෙකකට වඩා එහි ඔබ්බවා තිබුණා. ඇගේ අනෙකුත් ආභරණ සැකසීමට පැය 3720ක් ගතව තිබූ අතර නොකැපූ දියමන්ති, එමරල්ඩ් සහ ජපානයේ මුතු කැරට් 22 රත්රංවල ඔබ්බවනු ලැබුවා. මුල් දිනය ක්රිස්තියානි චාරිත්ර අනුවත්, දෙවැනි දිනය හින්දු චාරිත්ර අනුවත් කරනු ලැබුවේ දෙදෙනාගේම ආගම් හා සංස්කෘතික සිරිත් විරිත් නියෝජනය වන පරිදියි. “සදාකාලිකත්වය ඇරඹුණා” ප්රියංකා තම ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහන් කළා.