නයිජීරියාවේ ඩමි ජනපති කෙනෙක්? | සිළුමිණ

නයිජීරියාවේ ඩමි ජනපති කෙනෙක්?

නිදහස් දින උත්සවයේදී කළ කථාවේදී සුඩානයට පක්ෂපාතීව ඒ ගැන වැඩිපුර කතා කිරීම මෙන්ම, වචන පැටලීම ගැන සැක පළ කරමින් අන්තර්ජාලය පුරා විසිරුණු පුවතක් වූයේ නයිජීරියාවේ ජනපතිවරයා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවත්, දැන් සිටින්නේ ඒ ආකාරයට හැඩගැන්වූ වෙනත් පුද්ගලයක් ය යන බවයි. මේ ප්‍රකාශයන්ට ඍජු, විශ්වාස කළ හැකි මූලාශ්‍රයන් නොතිබූ අතර හුදෙක් එරට ජනතාව අතර පැතිර ගිය කට කතාවක් වූවා. මෙයට එංගලන්තය ද සම්බන්ධ බව ඇතැමුන් මත පළ කළා. මෑතකදී පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ COP24 කාලගුණ විපර්යාස සමුළුවේදී “මේ ඇත්තටම මමයි, මම ඔබට සහතික වෙනවා. මම බොහොම ශක්තිමත්ව ළඟදීම මගේ 76වන ජන්ම දිනයත් සමරන්නට සූදානම්!” එරට ජනපති බුහාරි පැවසුවා.

 

 

Comments