
ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් චීනයේ හුවාවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමට කැනඩාව පසුගියදා කටයුතු කළේය. කැනඩාව මේ අත්අඩංගුවට ගැනීම කර තිබුණේ අමෙරිකාවේ ඉල්ලීම පරිදිය. වන්ග්ෂු මෙන්ග් නම් වන මේ නිලධාරිනිය අමෙරිකාවට පිටුවහල් කිරීමට නියමිත බවට වාර්තා ලැබී තිබේ.
කෙසේවුවද මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිය ප්‍රබල විරෝධය චීනය විසින් කැනඩාවට වෙත එල්ල කරනු ලැබ තිබේ. ඔටාවාහි චීන තානාපති කාර්යාලය මේ පිළිබඳ ලිඛිත නිවේදනයක්ද නිකුත් කර ඇත.
කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ පසුගියදා පවසා සිටියේ තමන් ආසියානු රටවල් සමග වඩාත් ශක්තිමත් වෙළෙඳ සබඳතා පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවයි. එසේ පවසා වැඩි කල් යෑමට පෙර මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම කැනඩා ආර්ථිකයට නම් හිතකර නොවන බව කිව යුතුය.
අමෙරිකාවේ කැනඩාව කෙතරම් තදින් තම පාලන හස්තයේ ග්‍රහනයට නතු කරගෙන සිටීද යන්නට මෙයටත් වඩා උදාහරණ අවශ්‍ය නැත.