රනිල් කෙරෙහි විශ්වාසය ඇති බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් | Page 2 | සිළුමිණ

රනිල් කෙරෙහි විශ්වාසය ඇති බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ යෝජනාවක් පසුගිය 4 වැනිදා පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ලේ, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්,

මංගල සමරවීර හා රිසාඩ් බදියුදීන් යන අයගේ අස්සනින් නිකුත් කර ඇති එම යෝජනාව බොහෝ දුරට 12 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයේදි ඉදිරිපත් කිරීමට නියමිතය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම යවා ඇත.

Comments