
මෙරටදී අත්අඩංගුවට ගැනුණු දෙවන විශාලතම හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන 44 හැවිරිදි බේරුවල පදිංචි දිනයාදුර දුලිප් සමන්ත ද සිල්වා පසුගිය සිකුරාදා (07) යටියන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යටියන්තොටදී කැලණි ගඟට පැන පලා යෑමට තැත් කිරීමේදී රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් සමඟ පොලිස් භාරයට ගැනුණු දුලිප් හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් කෙනකු වන දිලිප් සුසන්තගේ සහෝදරයෙකි.
දුලිප් මේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ගොඩබිම සිට දුරකථන මාර්ගයෙනි.
ට්‍රෝලර් යාත්‍රාව බේරුවල වරායට ගෙනැවිත් දමා පැන ගිය සැකකරුද සොයා පරීක්ෂණ කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
මේ ජාවාරම කොටුකර ගැනීමට හැකි වූයේ වවුනියාවේ සේවය කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂක කේ.ඒ. ප්‍රේමලාල්ට ලැබුණු හෝඩුවාවක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.ටී. සුබෝධ සහ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග එක්ව කළ සූක්ෂ්ම මෙහෙයුමකිනි.