නාසාහි ‘ඉන්සයිට්’ අඟහරු වෙත ගොඩබසී | සිළුමිණ

නාසාහි ‘ඉන්සයිට්’ අඟහරු වෙත ගොඩබසී

2018 වර්ෂයේ මැයි 5 වනදා ඇට්ලස් V-401 රොකට්ටුවෙන් අහසට යැවුණු ‘ඉන්සයිට්’ මෙහෙයුම නොවැම්බර් 26වනදා සාර්ථකව අඟහරු මත ඇති ‘එලිසියම් ප්ලැනීශියා’ නමැති ප්‍රදේශයට ගොඩ බැස්සා. එය කිලෝමීටර් මිලියන 483ක ගමනක් ඒ වන විට සම්පූර්ණ කර තිබුණා.

එහි ප්‍රධාන අරමුණ වන්නේ SEIS නමැති භූ කම්පනමානය අඟහරු මතුපිට සවිකර භූමියේ ඇතිවන කම්පනයන් පිළිබඳ දත්තයන් රැස්කර, ඉන් ග්‍රහලොව අභ්‍යන්තරය පිළිබඳ ත්‍රිමාණ ආකෘතියක් අනුමාන කිරීමයි. HP3 නමැති තාප ඒෂණය මගින් තාප ගැලීම ද පරීක්ෂා කෙරෙන අතර ඉන් අඟහරු ග්‍ර‍හයාගේ පරිණාමය ගැන තොරතුරු ලබා ගැනීමට නියමිතයි. ගොඩ බැසීමෙන් පසු එය ප්‍ර‍ථම ඡායාරූපය පෘථිවියට එවන ලද අතර මතුපිට උපකරණ ස්ථාපනය සඳහා අවශ්‍ය විස්තර වෙනුවෙන් එය තවත් ඡායාරූප එවන තෙක් නාසා ආයතනය බලා සිටිනවා.

 

Comments