
ජාන තාක්ෂණයෙන් හරහා ආහාර වර්ගවල ජාන වෙනස් කරමින් වෙළෙඳපොළ අවශ්‍යතාවයට අනුව, රෝගවලට ප්‍රතිරෝධී සහ වැඩි ඵලදාවක් දෙන ආකාරයට සකසා ගන්නවා. නමුත් මානව කලලයන්ගේ ජාන වෙනස් කිරීම් මානව හිමිකම් යටතේ පිළිගැනීමට ලක් වන්නේ නැහැ.
චීනයේ ‘හී ජ්‍යන්කුයි’ මහාචාර්යවරයා ලොව ප්‍රථම ජාන වෙනස් කළ ගැහැනු දරුවන් දෙපළ ලොවට බිහි කළා. ‘ලුලූ’ සහ ‘නනා’ යන නම් දරන දරු දෙදෙනා බොහොම නීරෝගීව ලොවට බිහිවුණා. චීනයේ ද මානව ජාන වෙනස් කිරීම තහනම් නිසා මේ මහාචාර්යවරයා වැඩ තහනමට ද ලක් කළා. පසුව ඔහු පැවසුවේ, තමා එසේ කළ නිසා එම මවගෙන් දරුවන්ට HIV පැතිරීම වැළකුණු බවයි. ඔහු භ්‍රෑණයෙන් අදාළ ජාන ඉවත් කර තිබුණා. මෙම ක්‍රියාව වැරදිද නිවැරදිද යන්න තවමත් ලෝකයේ කතා බහට ලක් වෙනවා.