චීනයේ ක්සින්ජ්‍යාංහි කැමරා ආරක්ෂාව තර කරයි | සිළුමිණ

චීනයේ ක්සින්ජ්‍යාංහි කැමරා ආරක්ෂාව තර කරයි

චීනයේ ක්සින්ජ්‍යාං ප්‍රාන්තයේ මුස්ලිම් අන්තවාදීන් එම ප්‍රදේශයේ ජනගහනයෙන් අඩක් පමණ සිටිනවා. 2009දී ඔවුන් සිදු කළ ප්‍රහාරයන්ගෙන් පසුව මාස 10ක් ම අන්තර්ජාල හා දුරකථන සේවා අත්හිටුවන්නට ද එරට රජයට සිදුවුණා. එනිසා යළි ඇතිවිය හැකි තර්ජනයන් වළක්වාගන්නට, පොලිස් ස්ථාන, භටයන් හා යුද්ධ ටැංකි මෙන්ම මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ඇති කැමරා ද දැන් එහි බහුලව යොදා තිබෙනවා.

කැමරා හරහා පුද්ගලයන්ගේ සෑම ඉරියව්වක්ම, පොලිස් භටයන් විසින් ශරීර පරීක්ෂාවන් මෙන්ම දුරකථනය පවා ඉල්ලාගෙන පරීක්ෂාවට ලක් කරනවා. පිහි අලෙවියේදී පවා මිලදී ගන්නාගේ විස්තර QR කේත හරහා පිහිය මත කාවද්දනවා. ඒ අතරේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ඇතැම් පන්ති කාමරවල කැමරා මගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අධ්‍යයනය කරමින් දුර්වල අය හඳුනාගැනීම සිදු කරනවා. එරට ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දැන් ලෝක අවධානය ඊට යොමුව තිබෙනවා.

 

Comments