
දකුණු සුඩානය බාල වයස්කාර විවාහයන් අතීතයේ සිට සිදුවන අතර විවාහ කරගන්නා තැනැත්තා විසින් දැරියගේ පියාට දෑවැද්දක් දිය යුතු වනවා. එම පදනම යටතේ අවුරුදු 17ක දැරියක් විශාල මුදලකට ෆේස්බුක් ඔස්සේ වෙන්දේසි කෙරුණා.
ගවයන් 500ක්, සුඛෝපබෝගී කාර් රථ 2ක්, බයික් 2ක්, බෝට්ටුවක්, දුරකතන කීපයක් සහ මුදලින් ඩොලර් දස දහසකට මේ දැරිය යෝජනා වී තිබුණා. එය ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනයටද දින කීපයක් ගතවී තිබුණා.
බාලවයස්කාර විවාහයන් එරට දැන් තහනම් වුවත් සියයට 34ක් පමණ අවුරුදු 18ට අඩු දැරියන් තවමත් ඊට ලක් වන බව යුනිසෙෆ් දත්ත පෙන්වා දෙනවා. ලෝකයේ චෝදනා එල්ල වෙද්දී එරට රජයේ ප්රකාශකයෙකු සඳහන් කළේ “අවුරුදු දහස් ගාණක ඉඳලා සිද්ධ වෙන මේ ලංසු තැබීම වෙන්දේසියක් නෙවෙයි.
බටහිර ඇසට එහෙම පෙනුණත් ඒ ක්රමවේදයට වචනයක් ඉංග්රීසි භාෂාවේ නම් නැහැ” කියායි. “මෙය තාක්ෂණය ම්ලේච්ඡත්වයට පාවිච්චි කිරීමක්” ප්ලෑන් ඉන්ටර්නැෂනල් අන්තර්ජාතික ආයතනයේ ප්රාදේශීය අධිකාරීවරයා ප්රකාශ කළා.