
චීනය පසුගිය අඟහරුවාදා සාර්ථකව කෘත්‍රිම චන්ද්‍රිකා 5ක් අභ්‍යවකාශයට යවනු ලැබුවා. තනි රොකට්ටුවක යොදන ලද එම නැනෝ කෘත්‍රිම චන්ද්‍රිකා එරට වයඹදිග පිහිටි ගංසු පළාතේ දී අහසට යොමු කෙරුණා.
නැනෝ චන්ද්‍රිකා යනු කිලෝ ග්‍රෑම් 1ත් 10ත් අතර ප්‍රමාණයේ කුඩා කෘත්‍රිම චන්ද්‍රිකා යි. ෂියාන් 6 සහ තවත් කුඩා ප්‍රමාණයේ කෘත්‍රීම චන්ද්‍රිකා හතරක් මෙලෙස ලෝන්ග් මාර්ච් 2D රොකට්ටුවෙන් යැවුණු අතර ඒවා පෙර සැලසුම් කරන ලද කක්ෂයට සාර්ථකව ඇතුළු වූ බව ජික්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කළා.
එම මධ්‍යස්ථානය සිදු කළ 292 වැනි මෙහෙයුම මෙයයි. ෂියාන් 6 රොකට්ටුව අභ්‍යවකාශ පරිසරය අධ්‍යයනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.