අලි එළවන්න යුද හමුදාවෙන් සුදු එළියක් | Page 2 | සිළුමිණ

අලි එළවන්න යුද හමුදාවෙන් සුදු එළියක්

අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස ගම්මානවලට වන අලි පැමිණීම වළක්වා ලීම සඳහා නිවි නිවී දැල්වෙන සුදු විදුලි පහන් යෙදීම සාර්ථක වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදා පර්යේෂණ විශ්ලේෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රේනක රෝවෙල් මහතාගේ අධීක්ෂණය යටතේ තන්තිරිමලේ ප්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණ ඉතා සාර්ථක වී ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා වන අලින් නිවි නිවී දැල්වෙන සුදු විදුලි පහන් ආලෝකය තිබෙන විට එම ස්ථානයන්ට නොපැමිණෙන බවද පැවසීය.

තන්තිරිමලේදී සිදු කළ පර්යේෂණවලින් පසුව තවත් ගම්මාන රැසක මේ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ සියල්ල සාර්ථක වී ඇතැයිද හමුදාපතිවරයා කීය.

මේ ක්‍රමවේදය ඉදිරියේදී දුම්රියේ වන අලින් ගැටීම වළක්වාලීම සඳහා යොදවා ගැනීමට අදහස් කරනු ලබන බවද මේ වන විට දුම්රිය එන්ජින් සඳහා මෙම ආලෝකය යොදා ගැනීම පිළිබඳව පර්යේෂණ කටයුතු කරමින් සිටින බවද හමුදාපතිවරයා කීය.

Comments