තලවාකැලේ හදිසි ගින්නක් | Page 2 | සිළුමිණ

තලවාකැලේ හදිසි ගින්නක්

තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ. 

තලවාකැලේ නගරයේ ප්‍රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.10 ට පමණ  හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළෙදසැල් දෙකකට අලාභ හානි සිදුව ඇතැයි තලවාකැලේ පොලීසිය පවසයි.

මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර තලවාකැලේ - ලිඳුල නඟර සභාවේ ගිනි නිවන ඒකකය,  තලවාකැලේ පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව  ගින්න පැතිරයාම මැඩ පවත්වා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

තලවාකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
 

Comments