මාධ්‍යවේදීන් ඉදිරියේ ට්‍රම්ප් යකා නටයි | සිළුමිණ

මාධ්‍යවේදීන් ඉදිරියේ ට්‍රම්ප් යකා නටයි

අමෙරිකානු නීතිපති ජෙෆ් සෙෂන්ස් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරී‍ම් හමුවේ නොසන්සුන් වූ  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් වෙත සැඩි වාග් ප්‍රහාරක් එල්ල කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සී. එන්. එන් ධවල මන්දිර වාර්තාකරු වන ජිම් ඇකොස්ටා ටිවිටර් පණිවුඩයකින් කියා සිටින්නේ තමන්ට ධවල මන්දිරයට ඇතුළු වීමට නොහැකි බව රහස් සේවය මඟින් දැනුම් දුන් බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ජෙෆ් සෙෂන්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් ඉල්ලා අස්වන බව සඳහන් කර ඇත්තේ, එම තීරණය ජනපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාවට අනුව සිදුවුවක් බව පැහැදිලි කරමිනි. මේ අතර නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් ව සිටින ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් පවසන්නේ, නව නීතිපති ධුරයට පත්කිරීමට නියමිත පුද්ගලයා අමෙරිකානු සෙනෙට් සභාව මඟින් තහවුරු කර නොමැති බවයි.

මුල් අවධියේ ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවකු වූ එරට නීතිපතිවරයා, 2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනයේ දී ධවල මන්දිරය මඟහැර සිය ඇඟබේරා ගැනීමෙන් පසු, ජනපති ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක් විය.ජෙෆ් සෙෂන්ස් එලෙස රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහභාගිවීම
ප්‍රතික්ෂේප කරන බව දැනසිටියේ නම් තමන් වෙන අයකු නීතිපති තනතුරට පත් කරන බව ඉකුත් වසරේ ජුලි මාසයේ දී ජනපති ට්‍රම්ප් පවසා තිබේ.
 

Comments