දූරියන් නිසා ඉන්දුනීසියාවේ ගුවන් යානයක් බිමට | සිළුමිණ

දූරියන් නිසා ඉන්දුනීසියාවේ ගුවන් යානයක් බිමට

ලොව සුවඳින් වැඩි ම පලතුර ලෙස සැලකෙන දූරියන් හේතුවෙන් පියාසර කරමින් තිබූ ගුවන් යානයක් නැවත ගොඩ බැස්වීමට සිදු වී ඇත. මෙසේ ගුවන් යානයක් හදිසියේ නැවත ගොඩ බස්වා ඇත්තේ ඉන්දුනීසියාවේ දීය.

දූරියන් ටොන් දෙකක් පමණ ජකාර්තා සිට බෙංකුලු දක්වා දිවෙන යානයක භාණ්ඩ රඳවන කොටසේ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එම සුවඳින් එහි ගමන් කළ මගීන් දැඩි අපහසුතාවකට පත් වී තිබේ. එම තොගය වහා යානයෙන් බවත් කර ගන්නා ලෙස ගුවන් යානා කාඒව මණ්ඩලයට පහර දීමට පවා මගීන් පෙළඹී තිබේ.

මෙම තත්ත්වය හමුවේ දූරියන් තොගය ඉවත් කර නැවත ගමන ආරම්භ කරන විට පැයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වී ඇත.
 

Comments