
අමෙරිකාවේ පැවැති මධ්‍ය කාලීන මැතිවරණයේ දී කාන්තා අපේක්ෂිකාවන් වඩාත් හොඳ ප්‍රතිඵල අත් කර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. බදාදා රාත්‍රිය වන විටත් එම සංඛ්‍යාව 96 ඉක්මවූ බව සඳහන්ය. අවම වශයෙන් කාන්තාවන් 107 දෙනකු මෙම අවස්ථාව හිමි කර ගනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ විශ්වාස කරති.
ඩිමොක්‍රොටික් පක්ෂයේ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කොර්ටෙස් සහ ඇබී ෆින්කෙනොර් ඇමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණු ලාබාලතම කාන්තාවන් දෙදෙනා බවට පත් වනු ඇත. ඔවුන් දෙදෙනාම විසි නව වැනි වියේ පසු වේ.
මීට අමතරව නියෝජිත මණ්ඩලය නියෝජනය කරන පළමු මුස්ලිම් කාන්තාවන් ලෙස ඉල්හාන් ඔමාර් සහ රෂිඩා ට්ලයිබ් ඉතිහාසයට එක් වන අතර ෂැරිස් ඩේවිඩ්ස් සහ ඩෙබ්රා ආලන්ඩ් ඊට තේරී පත් වූ පළමු ස්වදේශික අමෙරිකානු කාන්තාවන් වේ.මෙම කාන්තාවන් සියල්ලෝම ඩිමොක්‍රොටික් පාක්ෂිකයින් වීම ද විශේෂත්වයකි.
මෙවර මැතිවරණයේ දී ආසන 435ක් සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ලැබූ අතර මෙමගින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය, ව්‍යාපාරික කටයුතු, ළබැඳියාවන් අතර ගැටුම් ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඩ්‍රමොක්‍රටික් පක්ෂයට අවස්ථාව හිමි වන බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ඒ අනුව මධ්‍ය වාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය හිමි වූයේ ඩිමොක්‍රටික් පක්ෂයට ය. එය ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ අතුල් පහරක් ලෙස ද ඇතැම් දේශපාලන විග්‍රහයන් හි දැක්වේ.