අගමැති මහින්ද වැඩ භාරගනී | Page 2 | සිළුමිණ

අගමැති මහින්ද වැඩ භාරගනී

නව අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය රාජකාරී කටයුතු අද (29) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ශ්‍රී ලංකාවේ 22 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

අනතුරුව මහාසංඝයා  වහන්සේ විසින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාදය පළ කරන ලදි. පිරිස පංච ශීලයෙහි  පිහිටුවමින් ආගමික වතාවත්  සිදු කරනු ලැබුවේ අභයාරාමාධිපති  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ විසිනි.  මහා සංඝයා වහන්සේගේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස  ස්වාමීන්වහස්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ අතර අනතුරුව හින්දු  , ඉස්ලාම් සහ කතෝලික ආගමික ප්‍රසාදීන් වහන්සේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙහිදී ආශිර්වාද පළ කළහ.

විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Comments