
කවුරු හරි කියනවා නම් අපට පහසුකම් නෑ කියලා එහෙනම් එදා අපට මොනවාද තිබුණේ කියලා අහන්න කැමැතියි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන උපදේශිකාවක වන සුසන්තිකා ජයසිංහ මේ බව ප්‍රකාශ කළේ තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළේ මීටර් 2000 බාධක දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම්ලාභී පාරමී මාරිස්ටෙලා මේ පදක්කම සඳහා ගිය ගමනේදී අත් විඳින්නට සිදුවූ දුක් ගැහැට සහ කඩවුණුපොරොන්දු පිළිබඳ මාධ්‍ය හමුවේ කළ හෙළිදරව්වේදී ය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන උපදේශිකා සුසන්තිකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවනඩුවකදී ප්‍රතිචාර දැක්වූයේ මේ ආකාරයෙනි.
අතීතයේ ගත්තාම ශ්‍රියාණි, මම, දර්ශා ගත්තත් අපි මීට වඩා අසීරුතාවලින් ආවේ. අද මේ අයට මීට වඩා හොඳ දේවල් තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ජයග්‍රහණ ලැබුවාම ෆේස්බුක් දාලා, දුප්පත් ළමයෙක් කියලා දැන් මේකෙන් විවේචනයට ලක්වුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. ක්‍රීඩා අමාත්‍යතුමා, මේකට මම විරුද්ධයි.
කනිෂ්ඨ තරගයක් දින්නම රුපියල් 75000/= ක් දුන්නා. මට 75000/= ලැබුණේ ඔලිම්පික් ගියාම.
එයා පාසල් දරුවෙක්. අධ්‍යාපන අමාත්‍යාංශයට ක්‍රීඩා අමාත්‍යාංශයට වඩා වගකීමක් තිබෙනවා. ඒ තුළ මේ ළමයාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කරන උදව් ඇති.පාරමී සිය ගැටලු ගැන කතා කරද්දි, උපදේශිකාවගේ ප්‍රතිචාරය මෙය නම්, තවත් කවර කතාද?










