
අපි ලංකාවේ දීර්ඝ කාලයක් රැඳි සිටිමින් උත්සාහ කරන්නේ, අපගේ ඉලක්කය වන්නේ දුෂණ චක්‍රය කඩා බිඳ දැමිමටයි. මේ තත්ත්වය ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවට සහ තරුණ ක්‍රීඩකයන්ට තර්ජනයක් බව පැහැදිලියි. අයි.සී.සී. දුෂණ විරෝධී ඒකකයේ ප්‍රධානි ඇලෙක්ස් මාෂල් පවසයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කළ පරික්ෂණ අනුව ඔවුන් විසින් සනත් ජයසුරියව චෝදනා දෙකක් සම්බන්ධයෙන් නම් කර තිබේ. මේ සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දෙසතියක කාලයක් ද ලබා දී තිබෙන අතර එහිදි සනත් ජයසුරියට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ දුෂණ විරෝධි ඒකකය මෙහෙය වූ පරීක්ෂණවලට සහාය ලබා නොදීමත් ඊට අදාලව තොරතුරු සහ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමයි.
තවත් නම් ගොඩක් නුදුරු අනාගතයේදී එළි විය හැකියි. එහෙත් අයි.සී.සී. දුෂණ විරෝධි ඒකකය නිකම් ම නම් එළියට දාන්නේ නෑ. මාෂල් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ, ඇතැම් රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව ගැන ගැඹුරින් අවධානය යොමු කළා. ඒ අනුව තමයි අපි පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්නේ. මේ දුෂණ ව්‍යුහාත්මක සිදු වෙලා තිබෙන ආකාරය ගැන තමයි වඩාත් අවධානය යොමු කරන්නේ. පසුගිය මාස 12 ක කාලය තුළ සිම්බාබ්වේ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ සහ ශ්‍රී ලංකාව අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා කියලා පෙනෙවා.
මෙහිදි මාෂල් පෙන්වා දෙන්නේ ක්‍රිකට් දුෂණයට එරෙහිව වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එය වඩාත් බැරෑරුම් වන්නේ ඉන්දීය උපමහද්විපික කලාපය තුළ ක්‍රිකට් දුෂණය අපරාධමය වරදක් ලෙස පිළි නොගැනීම බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉන්දීය උපමහද්වීපය තුළ මේ අපරාධ නීතිය අපි දකින්නේ නෑ. ශ්‍රී ලංකාවේ හොඳ නීති ක්‍රමයක් හඳුන්වා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි හොඳ නීති පද්ධතියක් මේ සම්බන්ධයෙන් ඇති කරන්න උදව් කරන්න ඕනෑ.
මැස්සෙක්වත් අල්ලන්න බැරි තරමට අපේ ක්‍රීඩා නීතිය අරාජික බව නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද පවසයි. අපේ රටේ බුකියන්ට, ඔට්ටු අල්ලන්නන්ට තරග පාවා දෙන්නට එරෙහිව කියාත්මක කරන්න නීතියක් නෑ. නිවාරණ නීතිය ඉවත් කරලා තියෙන්නේ. ඕනෑ කෙනෙකුට ඇවිත් ඕනෑ දෙයක් කරලා නිදහසේ යන්න පුළුවන්. නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද වැඩි දුරටත් පවසයි. ශ්‍රී ලංකාවට අදාල පසුගිය දිනවල හෙළිදරව් වූ නම් සහ විස්තර රාජ්‍ය නායකයන්ට ලබා දී නොමැති බවද මාෂල් පවසයි.
අපි කවදාවත් ඒ අය වරදක් කරලා නැත්නම් නම් කිරීමක් කරලා නෑ. කිසිම ලයිස්තුවක් කාටවත් දීලත් නෑ.










