‘සෙල්ෆෝන්’ ගැන පරීක්ෂණ නෑ! | Page 2 | සිළුමිණ

‘සෙල්ෆෝන්’ ගැන පරීක්ෂණ නෑ!

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඇතැම් ජංගම දුරකතන සෞඛ්‍යයට අහිතකර විය හැකි බවත්, ඊට හේතුව ඒ දුරකතන ගැන ලියකියවිලි අනුව පරීක්ෂා කිරීම මිස කිසිම විද්යුත් රසායනාගාර පරීක්ෂාවකට කිසිම අයුරකින් ලක් නොවීම බවත් මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, සන්නිවේදන ඉංජිනේරු කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවට වසරක් තුළ විවිධ රටවල සිට ජංගම දුරකතන දහස් ගණනක් ගෙන්වනු ලැබේ. මෙහිදී එම දුරකතන භාවිත කරන්නන්ගේ සෞඛ්‍යයට හානි නොවන බවට සහතිකයක් ලබාදීමත් ඒ අනුව එම දුරකතන ආනයනය කිරීම සුදුසු බවට සහතිකයක් නිකුත් කිරීමක් ශ්‍රී ලංකාවේ වග කිව යුතු ආයතනවලින් සිදු කළ යුතුව ඇති නමුත් එවැන්නක් සිදු නොවන බවද ජයවර්ධන මහතා කියයි‍.

 

Comments