වාර්තාව වෙලාවට ලැබුණොත් පළාත් ඡන්දය ජනවාරියේ - මැ.කො. | Page 2 | සිළුමිණ

වාර්තාව වෙලාවට ලැබුණොත් පළාත් ඡන්දය ජනවාරියේ - මැ.කො.

පළාත් සභා මැතිවරණය පවත්වන්නට ප්‍රධාන බාධාවක්ව ඇති නව පනතට අදාළ සංශෝධන මේ මාසය අවසන් වන විට සකස් කර දීමට කථානායක කරු ජයසූරිය මහතා සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පොරොන්දු වූ බවත්, එම නිසා ජනවාරි මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිළුමිණට කීය.

පනතට අදාළ සංශෝධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මූලිකව සෙසු පක්ෂවල සහ‍ායෙන් සිදු කළ යුතු බව කී ඒ මහතා සීමා නීර්ණය අවසන් සමාලෝචනය ලබා දීම හැරෙන්නට සීමා නිර්ණය පිළිබඳ කිසි ගැටලුවක් නොමැති බවද කීය. එසේ වුවත් පාර්ලිමේන්තුවේදී පනත පරාජයට පත් වූ හෙයින් කථානායකවරයාගේ සහභාගිත්වයෙන් පත් කළ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක් ඇති බවද ඒ මහතා කීය.

මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නම් 50% - 50% හෝ 40% - 60% අනුපාතයන්ගෙන් යොදාගන්නා අනුපාතද නිර්ණය කරගත යුතුව ඇත. කෙසේ වුවත් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂයන්ගේ ප්‍රවාහය අනිවාර්යෙන්ම අවශ්‍ය වන බවද දේශප්‍රිය මහතා කීය.

 

Comments