
ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් ජයලත් පෙරේරා මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව පසුගිය සිකුරාදා (12) ඒකමතිකව තීරණය කිරීමෙන් පසුව එදිනම සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අගවිනිසුරු ධුරය දැරූ ප්‍රියසාද් ඩෙප් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා මහතා පත් කෙරිණි. දශක තුනකට ආසන්න කාලයකට පසු, වෘත්තීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරකු අගවිනිසුරුවරයා ලෙස පත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.