ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතියෙන් අපේ දිගම උමං පද්ධතිය තැනෙයි | Page 2 | සිළුමිණ

ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතියෙන් අපේ දිගම උමං පද්ධතිය තැනෙයි

මෙරට දිගම ජල උමං පද්ධතිය ලෙස කි.මී. 40ක් පමණ දිගු ‍උමං පද්ධතියක් සහිත ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය මඟින් දකුණු සංවර්ධනයට ඝන මීටර් මිලියන 400ක ජලය සමඟ ජල විදුලියද සැපයෙන බව එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

ඒ අතර මේ ව්‍යාපෘතිය යටතේ දෙණියාය ප්‍රදේශයේ මාදුකැටේ සිට කොටපොළ, ගල්දොල දක්වා කි.මී. 18ක් දිග උමඟක්ද, ගල්දොළ සිට අම්පනාගල දක්වා කි.මී. 5ක් දිග උමඟක්ද අම්පනාගල සිට මුරුතවෙල දක්වා කි.මී. 16ක උමඟක්ද ඉදි කිරීම සඳහා දැන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය භූ විදුම් ගවේෂණ පරීක්ෂණ සිදු කිරීම දැන් අවසන් වෙමින් පවතින බව එහි සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි. මෙහිදී උමා ඔය ආදි ඉදිකිරීම්වලදී සිදු වූ ආකාරයේ විශාල ව්‍යසන සිදුවීම වැළැක්වීම් පිණිස පේරාදෙණිය සරසවියේද උදවු ඇතිව භූ විද්‍යාත්මක ගවේෂණ කරන බවත්, ඒ යටතේ උමං පතුල දක්වා භූ විදුම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Comments