
ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය කොළඹ හොරයිසන් විශ්වවිද්‍යාලය සමඟ එක්ව කටයුතු අරඹයි. මේ වනවිට බේස්බෝල් ක්‍රීඩාව ක්‍රිකට්, රග්බි, පැසිපන්දු ක්‍රීඩා තරමට ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවකි. ලොව පුරා මේ සඳහා ලියාපදිංචි වී ඇති රටවල් 120 අතරින් සිදු කර ඇති ශ්‍රේණිගත කිරීම්වලදී මේ වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බේස්බෝල් පිටියේ40 වැනි ස්ථානයට පත්ව ඇති අතර ආසියාෙව් 7 වැනි ස්ථානය හිමිකරගෙන සිටී. එසේම 2015 දී ඉන්දුනීසියාවේ පැවැති ආසියානු බේස්බෝල් තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමටත්, 2017 දී බටහිර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමටත්, 2018 ආසියානු ක්‍රීඩා උලෙළේ පළමු ජයග්‍රහකයා වීමත් සමඟ ශ්‍රී ලංකාව සතු මෙම ක්‍රීඩාවේ කුසලතාව මේ වන විටත් ලෝකයටම තහවුරු කිරීමට අපට හැකි වී තිබේ. මීට අමතරව වයස 18 න් පහළ ජාතික කණ්ඩායම ආසියාවේ පස්වැනි ස්ථානයට පත්වීම හරහාද බේස්බෝල් ක්‍රීඩාවේ අනාගතය බබළන සුබ පෙරනිමිති අපට හඳුනා ගත හැක.
මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබුයේ වර්ෂ 1985 වසරේදී ඇමෙරිකානු තානාපති කාර්යාලය විසිනි. ඒ අනුව පළමුවෙන් පාසල් 2 ක් සහ ක්‍රීඩා සමාජ දෙකක් සඳහා බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වාදෙන ලදී. කොළඹ, මහනුවර හා ගාල්ල දිස්ත්‍රික් තුන බේස්බෝල් ක්‍රීඩාව සඳහා දක්වන ජනප්‍රියත්වය පාදක කරගනිමින් බේස්බෝල් ත්‍රිකෝණය ලෙස හඳුන්වනු ලැබේ. ඊට අමතරව කුරුණෑගල, පොලොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්කද මේ වනවිට මෙම ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමානය වනවිට බේස්බෝල් ක්‍රීඩාව විශ්වවිද්‍යාල මට්ටම දක්වාද ඇතුළත්ව ඇති අතර සරසවි ක්‍රීඩා උලෙළ සඳහා ඇතුළත් කිරීමට තරම් ඉහළ මට්ටමක් ලබාගෙන සිටී. ආරම්භයේදී බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ආධුනික ක්‍රීඩාවකි. ශ්‍රී ලංකා බේස්බෝල්/ සොෆ්ට්බෝල් සංගමයේ (SLABSA) සභාපතිවරයා වන ෆසීල් හුසේන් සහ ඔහුගේ ජවසම්පන්න කණ්ඩායමට මේ නව ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට මහත් වෙහෙසක් දැරීය. ඔවුන්ගේ ස්ෙව්ච්ඡා කැපවීම සහ ඒ හරහා ඔවුන් අත්පත් කරදුන් ප්‍රගතිය අද වනවිට ආඩම්බර විය හැකි මට්ටමක පවතී. වර්තමානය වනවිට ඔවුන්ගේ ඉලක්කගත සැලසුම් වන්නේ ශ්‍රී ලංකාව පුරා බේස්බෝල් ක්‍රීඩාව ස්ථාපිත කිරීමයි. ඒ අනුව 2025 වනවිට සමස්ත පළාත් 9 පුරාත්, දිස්ත්‍රික්ක 25 පුරාත්, අධ්‍යාපන කලාප 20 පුරාත් ක්‍රීඩාව ස්ථාපනය කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටී.
මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන් පූර්ණකාලීන පරිපාලකයන් දෙදෙනෙකු සේවය සඳහා යොදවා ඇති අතර කුසලතා සපිරි විශ්ව විද්‍යාලයක් වන හොරයිසන් විශ්ව විද්‍යාලය සමඟ එක් වී දක්ෂතා සහිත ක්‍රීඩකයින් බිම්මට්ටමේ සිට වර්ධනය කිරීමට ඒ අනුව ඔවුන් කටයුතු සැලසුම් කෙරෙයි. එසේම මේ වනවිට බේස්බෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් රටපුරා සෑම ඉසවුවකින්ම පැමිණි පිරිසක් වන අතර, මේ නව ක්‍රීඩාව අද වනවිට එල්ලේ සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවසේම ජනප්‍රියත්වය කරා ගමන් කරමින් සිටී.
2025 වසර වනවිට අපේක්ෂිත ඉලක්කය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ෆසීල් හුසේන් මහතා “අනාගතයේදී සුපිරි බලයක් සහ ජවයක් ඇතිව ක්‍රීඩාවේ ඉහළට ම යන්න ශ්‍රී ලංකාවට හැකිවෙයි කියලා අපි විශ්වාස කරනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.
එසේම සංවර්ධන කමිටුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පිළිබඳ අදහස් දක්වමින් ෆසීල් මහතා තවදුරටත් කියා සිටියේ ඔහුගේ දැනුම සහ ශක්තිය සමඟ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ නැංවීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.
බේස්බෝල් සංගමයේ පළමු සංවර්ධන වැඩසටහන යාපනයේ පැවැත්වෙන අතර එය ඔක්තෝබර් පළමු සතිය තුළ කිළිනොච්චිය දක්වා ගමන් කරයි. අදාළ දිනයන්හිදී ක්‍රීඩා සමාජ 30 ක් ජාතික ලීග් තරගාවලිය සඳහාත් පාසල් 28 ක් පාසල් තරගාවලි සඳහාත් දායක වේ.
SLABSA ආයතනයේ වරප්‍රසාද මත මේ වනවිට බියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග සඳහා ක්‍රීඩකයන් පුහුණු කිරීමට ජපන් පුහුණුකරුවන් දෙදෙනෙක් යටතේ සිදුවේ. ක්‍රීඩා අමාත්‍යාංශය හරහා මේ වනවිට බියගම බේස්බෝල් ක්‍රීඩංගණය අති නවීන අංග සහිතව සංවර්ධනය කර තිබේ.











