
මේ තරගාවලියේ පදක්කමකට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව” තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළට එක්ව සිටින පාරමී වසන්ති එකී ගමනට මත්තෙන් අප හා පැවැසුවාය. ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හි පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළට රටවල් 206 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3998 දෙනකු එක්ව සිටිති. ක්‍රීඩා 32 ක් මේ තරගාවලියට ඇතුළත්වන අතර ඉසව් සංඛ්‍යාව 241 කී.
මෙතෙක් පැවැති යොවුන් ඔලිම්පික් උලෙළ දෙකෙදීම පදක්කමක් අසලටවත් යාමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබී නොමැති තත්ත්වයක් තුළ පාරමී මීටර් 2000 බාධක දිවිමේ තරග ඉසව්වේ ලොව හොඳම ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්ව සිටීම තුළ මෙවර පදක්කමක් ආසන්නයට ම පැමිණ සිටියි. පාරමී සිය ඉසව්වේ මුලික තරගයට 12 දා එක්වන අතර අවසන් තරගය 15 වැනිදා පැවැත්වෙයි. මීටර් 2000 බාධක ඉසව්ව සඳහා මෙවර ඇමෙරිකානු කලාපය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙක්, අප්‍රිකාවෙන් තිදෙනෙක්, යුරෝපයෙන් නව දෙනෙක්, ආසියාවෙන් දෙදෙනෙක් සහ සමුද්‍රාසන්න කලාපය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් වශයෙන් 18 දෙනෙකු ඉදිරිපත් වී සිටිති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු මෙවර තරගාවලියට එක්ව සිටිති. ක්‍රීඩා හතක් නියෝජනය කරමින්ය. යොවුන් ඔලිම්පික් උලෙළේ චීනය රන් 78 ක් රුසියාව 57 ක් සහ දකුණු කොරියාව 31 ක් වශයෙන් පදකම් සටහනේ පෙරමුණේ පසුවෙයි.
තායිලන්තයේ විනාඩි 6:35:2 කට දුවනකොට ලෝකයේ පළමුවැනියා වුණේ මම ඊට පස්සේ තමයි කෙන්යාවේ එක්කෙනෙක් විනාඩි 6.17 සහ ඉතියෝපියාවේ එක් කෙනෙක් විනාඩි 6.26ට දුවන්නේ ආසියාවෙන් මාත් එක්ක චීනයේ එක්කෙනෙක් යනවා. එයා විනාඩි 7.02 කට දුවන්නේ.
ක්‍රිඩා ඉසව් දෙකකින් ජාතික මට්ටමට පැමිණීම ලෙහෙසි පහසු නොවේ. එවන් වට පිටාවක දාහත්වන වියේ පසුවන විට ජාතික කාන්තා රග්බි කණ්ඩායමත්, කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමත් නියෝජනය කරන පාරමී වසන්ති මාරිස්ටෙලාට ලාංකේය ක්‍රිඩා පිටියේ හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවිම් ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් මෙකි ඉසව්ව නව මානයකට රැගෙන ගිය පාරමී ඊට පසු පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේ ද විශිෂ්ඨ දස්කම් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
සිය පියා ධීවර රැකියාවෙන් උපයා ගන්නා මුදලින් තම මලල ක්‍රීඩා දිවිය සරිකර ගන්නා. පාරමී තායිලන්තයේ නිමාවූ යොවුන් ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේ මීටර් 2000 බාධක ඉසව්ව විනාඩි 6:35:2 කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුවා පමණක් නොව. ලාකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රීලංකා ක්‍රිඩකෙයක් හෝ ක්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල හිමිකරගත් ඉහළම ස්ථානය හිමිකර ගැනීමට ද සමත්වුවාය. මේ අනුව පාරමි ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළට ද ඉහළින්ම සුදුසුකම් ලබා ගත්තාය.
පාරමී පින්ලන්තයේ පැවැති යොවුන් ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියට ද එක්ව සිටියි. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක ඉසව්වේ ජාතික කනිෂ්ඨ වාර්තාව විනාඩි 10:20:21 අලුත් කළ පාරමී බිඳ දැමුවේ ඊට පෙර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේ දී පිහිටුවා තිබූ විනාඩි 10:20:54 ක වාර්තාවයි. පින්ලන්තයේ පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් නොලැබුවද පාරමී මීටර් 3000 බාධක දිවීමේ තරගයේ හොඳම 40 දෙනා අතර 21 වැනියා විය. මෙහි විශේෂත්වය වන්නේ ලොව හොඳම 40 දෙනා අතර එකම දකුණු ආසියානු ක්‍රීඩිකාව පාරමී වීමයි. මුලික වටයේ හොඳම කාලය වාර්තා කළේ උගන්ඩාවේ පිරුත් චෙමුටායි ක්‍රිඩිකාවයි. කාලය විනාඩි 9:34:34 කි.
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා කොට මම මීටර් 3000 බාධක ඉසව්වට වාර්තා කළ කාලයට වඩා හොඳ කාලයකට එහිදී තරගය ඉවර කරන්න පුළුවන් වුණා. හැබැයි මම හිතුවෙත් නෑ ඒ කාලයට යන්න පුළුවන් වෙයි කියලා.
මම පුහුණුවීම් කරන්නේ ජනිත් සර් යටතේ. අද මම මෙතැන ඉන්නෙත් ජනිත් සර් නිසා තමයි. මම කුලියාපිටිය ඉස්කොලේට ආපු දවසේ ඉඳලම ජනිත් සර්ට හීනයක් තිබුණා මාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියල. ඇත්තටම මට වඩා මංගැන දන්නේ ජනිත් සර් කිව්වොත් හරි.
මම හිතන්නෙත් ඒ විදියට ම තමයි. කුලියාපිටිය මැදි විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයම මට මේ ගමන එන්න හුඟක් උදව් කරලා තියෙනවා. ඉස්කෝලේ හැම කෙනෙක් ම වගේ මට උදව් කළා. මාව දිරිමත් කළා. 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 18 න් පහළ මීටර් 800 – 3000 මීටර් -2000 බාධක දිවිමේ තරග ඉසව්වල රන් පදක්කම් දිනා ගත් පාරමී දක්ෂතම ක්‍රිඩිකාවට හිමි දමයන්ති දර්ශා සම්මානය ද දිනා ගත්තාය.
මාව හුඟක් ම දිරිමත් කළේ අම්මා - තාත්තා මගේ අක්කා නිශාන්ති දිල්හානි. ගොඩක් තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අරගෙන තියෙනවා. අක්කා විදේශ තරගවලටත් ඉදිරිපත් වෙලා තිබෙනවා. අම්මා - තාත්තා - අක්කාගෙන් ලොකු ශක්තියක් ලැබෙනවා මගේ මේ ගමනට පාරමීගේ පියා අන්තෝනි ටියුඩර්ය. මව නීටා මාග්‍රට්ය. ඇත්තටම ම මේ වෙරළේ හැම වැලි කැටයක් ම ඔය ළමයාගේ කකුල්වලට පෑගිලා ඇති. ඒ පාරමීගේ පියාගේ හඬයි. පාරමීගේ ගමන සම්පූර්ණයෙන් ම වැටී ඇත්තේ සුව පහසු මඟක නොවන බවට සාධක ඇවැසි නැත.
හලාවත අඹකඳවිල තමයි මගේ ගම. අඹකඳවිල හුඟක් මුහුදට ළඟයි. පොඩි කාලයේ ඉදලා වෙරළේම තමයි දුව පැන පැන හිටියේ ඒක සමහරවිට පුහුණුවක් වගේ වුණා. ඉස්කොලේ ගිහින් ඇවිත් නිවාඩු දවස්වල මම තාත්තාට උදව් කරනවා. උදව් කරලා ඉවර වෙලා වෙරළ දිගේ එහාට මෙහාට දුවනවා.
තාත්තා ධීවර කටයුතු කරන්නේ, මාළු අල්ලන්න යනවා. තාත්තට මොන ප්‍රශ්න - අපහසුතා තිබුණත් සල්ලි නැති දවස් ඕන තරම්. හැබැයි මම මොන දේ ඉල්ලුවත් තාත්තා කොහෙන් හරි හොයලා එහෙම නැත්තන් ණය වෙලා හරි මට ඕනැ දේ අරන් දෙනවා. ඒ දුකේ ප්‍රතිඵලයක් විදියට වෙන්න ඕනෑ මම අද මෙතැන ඉන්නේ.










