පහේ ශිෂ්‍යාධාරය හිමි වන පිරිස වැඩි‍ කෙරේ | Page 2 | සිළුමිණ

පහේ ශිෂ්‍යාධාරය හිමි වන පිරිස වැඩි‍ කෙරේ

මේ වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර හිමි වන දරුවන් සංඛ්‍යාව වැඩි කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව දැනට වසරකට ශිෂ්‍යත්වය ඉහළින් සමත්, අඩු ආදායම් ඇති දරුවන් 15,000කට පමණ දෙනු ලබන ශිෂ්‍යාධාරය ඉදිරියේදී සිසුන් 30,000ක් වෙත පිරිනැමීමට අපේක්ෂිතය.

මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති අතර ඉදිරියේදි එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. මේ හේතුවෙන් මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙහිද යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර, අදාළ ප්‍රමාණය අනුමත වීමෙන් අනතුරුව හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

Comments