30වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ජයග්‍රාහී දූදරුවන්ට මහවැලි ඉඩම් | සිළුමිණ

30වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ජයග්‍රාහී දූදරුවන්ට මහවැලි ඉඩම්

ස්වයං පෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍ය‍යට අපමණ අගයක්” යන තේමාව රැගත් 30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ පසුගිය දා ඇඹීලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී අවසන් විය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී මහවැලි එච්. කලාපය ජනාධිපති ශූරතාවය හිමිකර ගැනීමට සමත් වු අතර මහවැලි එච්. කලාපයේ වීනෝද් සඳරුවන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුසලාන දිනාගත්තේය. දක්ෂතම ක්‍රීඩීකාව ලෙස මහවැලි වික්ටෝරියා කලාපයේ ෆාතිමා සොෆියා කුසලාන දිනාගත්තාය.

මහවැලි කලාපයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ව නිසි මාවතක් කරා රැගෙන යැමට හැකි සැම අංශකින්ම දිරිගන්වමින් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති 30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළට තරග ඉසව් 42ක් ඇතුලත් විය. දින දෙකක් පුරා පැවැති තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් එක්ව සිටිහ. එහිදී තරගාවලිය නියෝජනය කළ සැම තරග කරුවෙකුටම අභියෝගතා කුසලාන සහතිකපත්‍රයක් හා ජයග්‍රහකයන් උදෙසා පදක්කම් පරිනැමිමට කටයුතු සම්පාදනය කර තිබූ අතර ජවන හා පිටිය තනි ඉසව් සහ සහය දි‍විමේ ඉසව් වලදි පළමුවැනි දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් හා සහතික පත්‍ර පිරි නමනු ලැබීය.

“30 වන මහවැලි ක්‍රීඩා උලෙළට සහභාගී වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වනවා.

1969 වසරේ මහවැලි ජලය උතුරට හැරවීමට පොල්ගොල්ල වේල්ලේ වැඩ ආරම්භ විමත් සමග මහවැලිය තවත් පියවරක් ඉදිරියට තැබුවා. 1976 වසරේදී මහවැලි ජලය මහනුවර පොල්ගොල්ල අමුණෙන් අනුරාධපුර, පොලොන්නරු රජරට ප්‍රදේශවලට ගෙනයාම මහවැලි ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණු අවස්ථාවක්. මෙම කාර්යය ආරම්භක අවස්ථාවේ ප්‍රධාන දේශපාලනඥයාව සි‍ටියේ පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සී.පී. ද සිල්වා අැමතිතුමා. ඒ. වගේම අනුරාධපුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මෛත්‍රීපාල සේනානායක මැතිතුමා මහවැලි සංවර්ධනය වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කළා.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ප්‍රමුඛ 77 දි බලයට ආ එක්සත් ජාතික පක්ෂ රජයේ මහවැලි අැමතිතුමා, කඩිනම් මහවැලි වැඩසටහන ආරම්භ කරමින් මහවැලි සංවර්ධන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කරනු ලැබුවා. එමගින් කෘෂිකාර්මික සංවර්ධනය ඇති වුණා. රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. නව විදුලිබල උත්පාදනයක් ආරම්භ වුණා. කර්මාන්තවල නවෝදයක් ඇති වුණා. ඒ පිබිදීමත් සමඟ 1986 වසරේදී ගාමිණි දිසානායක ඇමැතිතුමාගේ මුලිකත්වයෙන් තමයි මහවැලි ක්‍රීඩා උලෙළ ආරම්භ වුණේ. සැම කේෂ්ත්‍රයකම ඇති වුණු මෙම නව ප්‍රබෝධය වසර ගණනාවක් තිබුණා. එහෙත් වසර දෙකක් මහවැලි ක්‍රීඩා උලෙළ පවත්වා ති‍බුණේ නැහැ. අපේ භූමියෙන් 1/3 කොටසක් අයත් වෙන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටයි. මහවැලිය කෘෂිකර්මාන්තය, වැවිලි, ධිවර, කර්මාන්ත හා විදුලිබල උත්පාදනය වැනි අංශ ගණනාවක් මඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුල් දායකත්වයක් ලබාදෙනවා.ක්‍රීඩාව පැත්තෙන්ද ලබාදෙන්නා වු දායකත්වය අති මහත්. මහවැලි කලාපයන් හී ජිවත් වන දූදරවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වගේම සංස්කෘතික දක්ෂතා ඔප්නංවන්න වේදිකාවක් නිර්මාණය කර දී තිබෙනවා. දක්ෂතා සංවර්ධනය කර ගැනිමට ඒ තුළින් ලැබෙන උපකාරය ඔවුන්ට මහත් ශක්තියක්.

මහවැලි ක්‍රීඩා උලෙළ තිස් වන වර‍ට පවත්වන මේ අවස්ථාවේ මහවැලි ක්‍රීඩා උළෙලවල් 18 ට ඇමැතිවරයා විදියට සහභාගි වෙන්න ලැබීමද භාග්‍යක්. මා ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. නියඟය, ගංවතුර වැනි කාලගුණික දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටින අප ගොවි ජනතාව ඒ සියල්ලටමත් මුහුණ දෙමින් තම දරුවන් ක්‍රීඩාවටත් එක් කරන්නට පසුබට වෙන්නේ නෑ එවැනි දායකත්වයක් දෙන දහඩිය කඳුළු, සුසුම් එක් කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විශිෂ්ඨ සේවයක් ඉටුකරන අපේ ආදරණිය ගොවි ජනතාවට මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා.

30 වැනි මහවැලි ක්‍රීඩා ‍උලෙළේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මහවැලියේ ඉඩම් ලබාදෙන්න අපි තිරණය කළා. ඒ වගේම දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකවන් තේරෙන පාසල් වලට අවශ්‍ය සියලුම ක්‍රීඩා භාණ්ඩ ලබාදෙන්න අපි තීරණය කරලා තිබෙනවා. එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂකම් දක්වන පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමටත් අපි තීරණය කරලා තිබෙනවා.

වසර ගණනාවකට පසු දැල් පන්දු ක්‍රීඩාවෙන් ආසියානු ජයග්‍රහණයක් හිමිකරගෙන ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගැනීම අපේ රටට විශීෂ්ට ජයග්‍රහණයක්. ඒ කණ්ඩායම රට ජාතියට ලාංකිකයන්ට විශිෂ්ට ගෞරවයක් ලබා දුන්නා. අපේ ආරාධනය පරිදි ඒ ක්‍රීඩිකාවන් මේ ස්ථානයට පැමිණම පිළිබඳව මා ඉතාමත් සතුටුවෙනවා.

අපේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා වසර තුනකට අනුග්‍රහය ලබදෙන්න ඩයලොග් ආයතනය එකඟතාව පළ කර තිබෙනවා.

රජයක් ලෙස ඉදිරියටත් වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටු කරන බව ප්‍රකශ කරන්න කැමැතියි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Comments