
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලිය
බාලක ශූරතාව ශාන්ත පීතර විදුහලට
ලාංකේය පාසල් මලල ක්‍රීඩා කෙත නිරන්තරයෙන්ම පෝෂණය කරනු ලබන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය අසූ අට වැනි ජ්‍යෙෂ්ඨ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා ශූරතාව 20 වැනි වරටත් දිනා ගනිද්දි පිට පළාත් බාලක අනුශුරතාව ද දිනා ගැනීමට සමත්විය. පසුගිය වසර කිහිපයේම අඛණ්ඩව බාලක ශූරතාව හිමි කරගත් මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය පසුපසට ඇද දමමින් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය මෙවර බාලක ශුරතාව දිනා ගැනීමට සමත් විය. වලල ඒ. රත්නායක බාලිකාවන් ලබා ගත් ලකුණු 240 බාලක - බාලිකා අංශ දෙකෙන් වාර්තා කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයකි.මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ සනිරු අමරසිංහ සම්මාන දිනා
ගනින්දී, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා, දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් සම්මාන දිනා ගත්තාය. මෙවර තරගාවලියේ නව තරග වාර්තා 23 ක් බිහි විය. ඒ බාලක 12 ක් සහ බාලිකා 11 වශයෙනි.
වයස අවුරුදු 16 ත් - 18 ත් සහ 20 න් පහළ බාලිකා ශුරතා තුනම දිනා ගැනීමට වලල බාලිකාවන් සමත් වූ අතර ඊට අමතරව බාලිකා පිටියේ ශූරතාවද, ඇතුළුව සමස්ත බාලිකා ශුරතාව ද දිනා ගැනීමට සමත් වූහ. සහාය දිවිමේ බාලිකා ශුරතාව ඒ වලලට හිමි විය.
වයස අවුරුදු 16 න් පහළ, 20 න් පහළ බාලක ශූරතා හිමි කර ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර, ඔවුන්ට 18 න් පහළ අනුශුරතාව ද හිමි විය. සමස්ත ජවන හා පිටිය ශුරතාව ද ඔවුන්ට හිමි විය.
බාලිකා අනුශුරතාව ගේට්වේ ජාත්‍යන්තර පාසලට සහ තෙවැනි ස්ථානය රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට හිමි විය. බාලක අනුශූරතාව මීගමුව මාර්ස්ස්ටෙල්ලා විද්‍යාලයට හිමි වූ අතර තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය. ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ පමණක් නොව, ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ ම විශිෂ්ට දස්කම් දක්වන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය 1998 ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පටන් ගෙවී ගිය ගරතාවලිය දක්වා බාලිකා ශූරතාවන් 20 වතාවක් සහ බාලක ශුරතා 8 ක් දිනා ගෙන තිබේ. මේ අනුව එතෙක් මෙතෙක් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ 8 වතාවක් වලල නාමය ඉහළම සටහන් ව තිබේ.
වැඩිම ශුරතා
1998 සිට 2011 දක්වා අඛණ්ඩව ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ බාලිකා ශුරතාව හිමිකර ගන්නා වලල 2013 සිට 2017 දක්වා ද අඛණ්ඩව මෙකී ශූරතාව දිනා ගෙන තිබේ. මෙකී ඉතිහාසයේ වලල බාලිකාවන්ට ශුරතාව අහිමිව ඇත්තේ2012 දීය.
බාලක ශුරතාව ද 2001 සිට 2003 දක්වා ද, 2006 සිට 2008 දක්වා ද, 2011 දී සහ 2012 දී අඛණ්ඩව දිනා ගෙන ඇති වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය බාලක සහ බාලිකා ද්විත්ව ශුරතා 2001 – 03 දක්වා ද, 2006 -08 දක්වා සහ 2011 දී වශයෙන් හත්වතාවක් දිනා ගෙන තිබීමද විශේෂත්වයකි.
වලල දස්කම්
1. 1998 - 68 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
2. 2000 - 70 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
3. 2001 - 71 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
4. 2002 - 72 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
5. 2003 - 73 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
6. 2004 - 74 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
7. 2005 - 75 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
8. 2006 - 76 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
9. 2007 - 77 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
10. 2008 - 78 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
11. 2009 - 79 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
12. 2010 - 80 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
13. 2011 - 81 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
සමස්ත බාලක ශූරතාව
14. 2012 -82 වැනි ශූරතාවලියේ
සමස්ත බාලක ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
15. 2013 - 83 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
16. 2014 - 84 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
17. 2015 - 85 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
18. 2016 - 86 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
19. 2017 - 87 වැනි ශූරතාවලියේ
සමස්ත බාලිකා ශූරතාව
පිට පළාත් බාලක ශූරතාව
20. 2018 - 88 වැනි ශූරතාවලියේ
සමස්ත ලංකා බාලිකා ශූරතාව










