
රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට සහ 500 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ.ාගේ සහභාගිත්වයෙන් පෙරේදා (21) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස දී පැවැත්විණි.
මේ යටතේ ස්ථාපිත කරන ලද 500 වැනි ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලාවල කුරුදන්කුලම මිහිදු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති අතර එම ජල පද්ධතිය අද දින දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.
අද උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මේ එක් එක් ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධතිවලින් ලීටරය බැගින් ලබාගත් ලීටර් 500 ක ජලය සියක් නමක් වූ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු විය.
ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 500 මගින් ලබාගන්නා ලද පැන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.
ජර්මනියේ බර්ලින් නුවර බෞද්ධ විහාරස්ථානයට වැඩම කරවීමට නියමිත ජය ශ්‍රී මහා බෝධි අංකුරය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් එම බෝධි අංකුරය ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ වෙත භාරදෙනු ලැබීය.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්මල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සීල රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අගනුවර පට්ඨාන ධර්ම සභාවේ සභාපති පූජ්‍ය කොරතොට විස්සභු යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - සඳරුවන් අමරසිංහ ජනාධිපති මාධ්‍ය අංශය)