
තරුණ ව්‍යවසායකයන් සඳහා රජයෙන් ලබා දෙන තුරුණු දිරිය පොලී රහිත ණය වැඩසටහන සාර්ථකව සිදු කරමින් රත්නපුර දිස්ත්‍රික්කය ඉදිරියෙන්ම සිටින බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මේ වැඩසටහන ලංකා බැංකුව මඟින් ක්‍රියාත්මක වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් 12 දෙනකුට මේ සඳහා ණය නිදහස් කර ඇති බවත්, දිවයින පුරා ව්‍යවසායකයන් 105 දෙනකු වෙනුවෙන් ණය මුදල් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ලංකා බැංකු වාර්තාවලින් පැවසේ.
උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03කට නොඅඩු කාලයක් ව්‍යාපාරයක නියැළී සිටින තරුණ ව්‍යාවසායකයන් උදෙසා අඩු පොලියක් යටතේ මෙම ණය පහසුකම ලබා දෙන අතර, දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම්කාර්යාල මඟින් විස්තර දැනගත හැකිය.