
නවකවධය සම්බන්ධයෙන් පැමිණිලි 434ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලැබී ඇතැයි එම කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි. මේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසරේදී පැමිණිලි 261ක්ද 2018 වසරේ මේ වන තෙක් පැමිණිලි 173ක්ද ලැබී ඇති අතර, මේ සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
සභාපතිවරයා සඳහන් කරන අන්දමට යමකු නවකවධයට ලක් වූ විට හෝ නවකවධය පිටුදැකීමට යමකුට අවශ්‍ය වූ විට ඒ සඳහා ක්‍රම කිහිපයකට පැමිණිලි කිරීමට හැකියාව පවතී. ඒ අනුව අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට හෝ ලේඛකාධිකාරි වෙත ලිඛිතව හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත ලිඛිතව, පෞද්ගලිකව පැමිණ, දුරකතන අංක 0112123700 ඔස්සේ හෝ මේ පැමිණිලි කළ හැකිය. නොඑසේ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නවකවධය පිළිබඳ පැමිණිලි ද්වාරය වන www.ugc.ac.lk/rag ඔස්සේද, ragginghelp@ugc.ac.lk හෝ helpme@ugc.ac.lk යන විද්යුත් ලිපි යොමු මඟින්ද අදාළ පැමිණිල්ල කළ හැකි බවත්, උපකාර පැතීම සඳහා දුරකතනයෙහි ඇති හදිසි ආරක්ෂක යෙදුම වන Emergency Safety App භාවිත කර අදාළ පණිවිඩය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දිය හැකි බවත් මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි.