චතු­රගේ මංග­ල්‍යය ගැන අග­මැති කාර්යා­ලය මෙසේ කියයි‍ | Page 2 | සිළුමිණ

චතු­රගේ මංග­ල්‍යය ගැන අග­මැති කාර්යා­ලය මෙසේ කියයි‍

පාර්ලි­මේන්තු මන්ත්‍රී චතුර සේනා­රත්න මහ­තාගේ විවාහ මංග­ල්‍යය වෙනු­වෙන් අර­ලි­ය­ගහ මන්දිර පරි­ශ්‍රයේ පිහිටි උත්සව ශාලාව ලබා දුන්නේ පිට­ස්තර උත්සව සඳහා එය ලබා දෙන අව­ස්ථා­වන්හි අය කරන සම්මත ගෙවීම් මත බවත්, අදාළ විවාහ මංග­ල්‍යය වෙනු­වෙන් උත්සව ශාලාව නොමි­ලයේ ලබා දීමක් හෝ ජනතා මුදල් අව­භා­විත කිරී­මක් හෝ සිදු නොවූ බවත් අග්‍රා­මා­ත්‍යය කාර්යා­ලය ප්‍රකාශ කරයි.

අග්‍රා­මා­ත්‍යය කාර්යා­ලය මෙසේ කියා සිටියේ මේ මංගල උත්ස­වය සම්බ­න්ධ­යෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පද­නම් විර­හිත තොර­තුරු සමා­ජ­ගත වෙමින් පව­තින නිසා ඒ පිළි­බඳ නිවේ­ද­න­යක් නිකුත් කර­මිනි.

එම නිවේ­ද­න­යට අනුව මෙම උත්සව ශාලාව සම්මත ක්‍රම­වේ­ද­යක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සඳහා ලබා­දෙන අතර, ශාලාව වෙන් කිරී­මට ලැබෙන ඉල්ලීම් අනුව සුදුසු උත්සව සඳහා ශාලාව ලබා දීමට කට­යුතු කෙරෙයි. පාර්ලි­මේන්තු මන්ත්‍රී චතුර සේනා­රත්න මහතා සිය විවාහ මංග­ල්‍යය පැවැ­ත්වීම සඳහා උත්සව ශාලාව ලබා දිය හැකි දැයි විමසා ඉල්ලී­මක් කර තිබූ බවත්, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී­ව­ර­යකු විසින් කරන ලද ඉල්ලී­මක් නිසාත්, ඒ සඳහා මන්ත්‍රී­ව­රයා දක්වා තිබූ හේතු යුක්ති යුක්ත නිසාත්, සම්මත ක්‍රම­වේ­ද­යන් මත ශාලාව ලබා දීමට අග්‍රා­මා­ත්‍යය කාර්යා­ලය කට­යුතු කළ බවත් අදාළ නිවේ­ද­නයේ දැක්වේ.

ඇතැ­මුන් අර්ථ දක්වන පරිදි මෙය, නොමි­ලයේ ලබා දීමක් හෝ ජනතා මුදල් අව­භා­විත කිරී­මක් හෝ නොව­නවා සේම, පිට­ස්තර උත්සව සඳහා එය ලබා දෙන අව­ස්ථා­ව­ලදී මෙන්ම මේ උත්ස­ව­යේද සැර­සිලි, ආහා­ර­පාන හෝ අන් කිසිදු කාර්ය­ය­කට අග්‍රා­මාත්‍ය කාර්යා­ලයේ සම්බ­න්ධ­යක් නැති බවත් එම නිවේ­ද­නයේ දැක්වේ.

Comments