
වත්මනදී ශ්‍රී ලංකාවේ දී වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම පාපැදි සවාරියක් වේ. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් (එස්.එල්.ටී.) ස්පීඩ් අප් සවාරියයි. 2018 SLT ස්පීඩ් අප් සවාරිය සැප්තැම්බර් 04 වැනිදා ඇරැඹේ. එය නිමාවට පත් වන්නේ සැප්තැම්බර් 08 වැනිදාය. සුපුරුදු පරිදි මෙවර සවාරියත් දින පහකින් සමන්විතයි.
SLT ස්පීඩ් අප් සවාරිය මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වරටයි. මෙරටේ දී පැවැත්වෙන දීර්ඝතම පාපැදි සවාරියත් මෙය වේ.
මෙවරත් මෙම සුවිශේෂි පාපැදි සවාරිය සංවිධානය කරමින් පවත්වන්නේ මෙරටේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයයි. මෙවර සවාරිය කොළඹින් ඇරැඹී කුලියාපිටියෙන් නිමාවට පත්වීමට නියමිතයි.
SLT ස්පීඩ් අප් පාපැදි සවාරිය පැවැත්වීමේ අරමුණු කිහිපයක් වේ. සාමාන්‍ය ජනතාව අතර පාපැදි භාවිතය ජනප්‍රිය කරවීම, පරිසර හිතකාමි ප්‍රවාහන මාධ්‍යයක් කිරීම සහ ශාරීරික ව්‍යායාමයක් ලෙසටත් තවදුරටත් ව්‍යාප්ත කිරීමත් ඒ අතරට අයත්ය.
2018 සවාරිය
කාන්තා, පිරිමි සහ පැරා යන අංශ ත්‍රිත්වය යටතේ තරග පැවැත්වේ. එහිදී ප්‍රධාන වනුයේ පිරිමි තරගයයි. පැරා අංශයෙන් තරගයක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
පිරිමි තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර 820 කි. එහිදී කෙටි දුර ධාවන (ස්ප්‍රින්ටිං), කඳු තරණ, යොවුන් සහ කණ්ඩායම් ශූරතා ලෙස වර්ග ගත කිරීම් යටතේ පිරිමි තරගය පැවැත්වෙනු ඇත. මෙවර සමස්ත ශූරයාට රුපියල් මිලියනයක් පිරිනමන බව සංවිධායකයෝ පවසති. මෙවර සවාරියේ ප්‍රථම අදියර සැප්තැම්බර් 04 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ගාලු මුවදොර සිට මාතර දක්වාය.
දෙවන අදියර මාතර - බලංගොඩ, තෙවන අදියර බලංගොඩ - මහියංගනය, සිවුවන අදියර මහියංගනය - අනුරාධපුරය සහ පස්වැනි අදියර අනුරාධපුරය සිට කුලියාපිටිය දක්වා ය.
කාන්තා තරගය සැප්තැම්බර් 07 සහ 08 යන දෙදිෙන් දී පැවැත්වේ. ඒ කොළඹ සිට අඹේපුස්ස හරහා කුලියාපිටිය දක්වාය. එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 175 කි. ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේදී කාන්තා තරගයක් දෙදිනක් පුරා පවත්වන්නේ ප්‍රථම වතාවටයි. මෙවර එහි සමස්ත ශූරියට පිරිනමන ත්‍යාග මුදල රුපියල් දෙලක්ෂ පනස් දාහකි.
මේ අතර මෙරට පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂි තරගයක් මෙවර SLT ස්පීඩ් අප් සවාරියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පැරා අංශයේ තරගයයි. එය සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වෙයි. ඒ කුරුණෑගල සිට කුලියාපිටිය දක්වාය. එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 75 කි. එහිදී ප්‍රථම ස්ථානයට පිරිනමන ත්‍යාග මුදල රුපියල් එක් ලක්ෂ පනස්දාහකි.
SLT ස්පීඩ් අප් පාපැදි සවාරිය මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වතාවටයි. මීට පෙර 2016 සහ 2017 වසරවලදී එය පැවැත්විය.
2016 සවාරිය
මුල්ම SLT ස්පීඩ් අප් පාපැදි සවාරිය පැවැත්වූයේ කොළඹ සිට මඩකලපුව දක්වාය. එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර 780 කි. එහිදී මාතර, රත්නපුරය, මහනුවර, පොලොන්නරුව සහ අනුරාධපුරය වැනි ප්‍රධාන නගර හරහා ප්‍රධාන පිරිමි තරගය පැවැත්විණි.
එහිදී සමස්ත ශූරයා වූයේ ශ්‍රී ලංකා නාවික හමුදා ඒ කණ්ඩායම නියෝජනය කළ දර්ශන ප්‍රසාද්ය. ඔහුට සවාරිය නිමා කිරීමට ගත වූ සම්පූර්ණ කාලය පැය 18 විනාඩි 29 තත්පර 53 කි. සවාරිය නිමා කිරීමට වැඩිපුර තත්පර දෙකක කාලයක් ගත කළ ශ්‍රී ලංකා යුද හමුදා ඒ කණ්ඩායමේ චරිත් ප්‍රනාන්දුට එවර දෙවන ස්ථානය හිමි විය.
(1) දර්ශන ප්‍රසාද් - නාවික හමුදාව ඒ
(2) චරිත් ප්‍රනාන්දු - යුද හමුදා ඒ
(3) ජීවන් ජයසිංහ - ගුවන් ඒ
(4) අවිශ්ක මැඩොන්ෂා - නාවික ඒ
(5) එස්.එම්.කේ. සිරිවර්ධන
(6) ගිහාන් පුෂ්පකුමාර - යුද ඒ
(7) සුසන්ත රංජිත් සිල්වා
(8) කසුන් නිමේෂ්
(9) බුද්ධික වර්ණකුලසූරිය - ගුවන් ඒ
(10) දිනේෂ් ධනුෂ්ක - ගුවන් බී
එවර සමස්ත යොවුන් ශූරයා වූයේ නාවික හමුදා ඒ කණ්ඩායමේ අවිශ්ක මැඩොන්ෂා ය. සවාරිය නිමා කිරීමට වැඩිපුර විනාඩි 2 තත්පර 14 ක කාලයක් ගත කළ කසුන් නිමේෂ් එහි දෙවන තැන හිමි කර ගත්තේය.
(1) අවිශ්ක මැඩොන්ෂා - නාවික ඒ
(2) කසුන් නිමේෂ්
(3) ප්‍රභාත් මධුශංක - නාවික ඒ
(4) වි.සි. සඳුන් කුමාර
(5) ඩබ්.එස්. නුවන් වැලිවත්ත - මික්ස් 4
(6) යු.එල්.ඒ. දිනුෂ පෙරේරා - ෆ්ලයිංවීල්
(7) සම්පත් වීරසිංහ - යුද බී
(8) පී.එස්.බී. ෂෙහාර සිල්වා -ෆ්ලයිවීල්
(9) සී.එම්. විරාන්
(10) කේ.ඒ. ඉසුරු තරංග
කාන්තා තරගය පැවැත්වූයේ කොළඹ සිට අම්බලංගොඩ දක්වාය. එහිදී සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර 80 කි. එය නිමා කිරීමට පැය 2 විනාඩි 31 තත්පර 03 ක කාලයක් ගත කළ ගුවන් හමුදාවේ එන්.එස්.පි. සුලෝචනා සමස්ත ශූරිය වූවාය.
(1) එන්.එස්.පි. සුලෝචනා - ගුවන්
(2) එච්.ඒ.ජී.අයි.එම්. රණසිංහ - ගුවන්
(3) ඒ.එම්.ඩි. දිල්රුක්ෂි - ගුවන්
(4) මනෝමි කුමාරි - ලිහිණි සමාජය
(5) එස්.පි.සි.කේ. ගුණතිලක - යුද
(6) අයේෂා මධුෂානි - නාවික
(7) යු.ඩි. ශ්‍රියාලතා - රංජිත් අනුර සමාජය
(8) සන්ධ්‍යා කුමාරි - සි.ඩි.එස්.
(9) එම්.ආර්.එම්. රූපවති - සි.ඩි.එස්.
(10) චන්තාල් සිරිසේන - ඩබ්රූම්
SLT ස්පීඩ් අප් මංගල සවාරියේ සමස්ත කණ්ඩායම් ශූරතාව හිමිකර ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒ කණ්ඩායමයි. 
(1) ගුවන් හමුදා ඒ
(2) නාවික හමුදා ඒ
(3) යුද හමුදා ඒ
(4) ගුවන් හමුදා සි
(5) ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ
(6) ඩි.එම්.එම්.සි. ඒ
(7) ශ්‍රී ලංකා පොලිසිය ඒ
(8) යුද හමුදා බි
(9) නාවික හමුදා බි
(10) ගුවන් හමුදා බි
2017 සවාරිය
දෙවන SLT ස්පීඩ් අප් සවාරිය කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා පැවැත්විය. එහි මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 739.3 ක් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමේ වී. සි. සඳුන් කුමාර එවර සමස්ත ශූරයා විය. ඔහු ගත කළ සම්පූර්ණ කාලය පැය 18 විනාඩි 23 තත්පර 20 කි. ගුවන් හමුදාව නියෝජනය කළ සංජු ඩීමන්ත දෙවැනියා වූයේය.
(1) වි.සි. සඳුන් කුමාර - ටෙලිකොම්
(2) සංජු ඩීමන්ත - ගුවන්
(3) සි.එම්. විරාන්
(4) තුෂාන් රාජපක්ෂ - යුද
(5) සුවාරිස් ප්‍රේමචන්ද්‍ර - ඩි.එම්.එම්.සි.
(6) පි.එම්. ගීත් ද සිල්වා - නාවික
(7) සම්පත් වීරසිංහ - යුද
(8) දර්ශණ ප්‍රසාද් - නාවික
(9) ඒ. ප්‍රදීප් නිසංසල - යුද
(10) දිමුතු සංජීව - ගුවන්
එවර සමස්ත යොවුන් ශූරයා (අවුරුදු 23 න් පහළ) වූයේ ගුවන් හමුදාවේ සංජු ඩීමන්තය. වැඩිපුර විනාඩි 2 තත්පර 05 ක කාලයක් ගත කළ නාවික හමුදාවේ ගීත් ද සිල්වාට දෙවන තැනය.
(1) සංජු ඩීමන්ත - ගුවන්
(2) පි.එම්. ගීත් ද සිල්වා - නාවික
(3) සම්පත් වීරසිංහ - යුද
(4) අවිශ්ක මැඩොන්ෂා - නාවික
(5) පසිඳු ලක්ෂාන් - නාවික
(6) මයුර නිමන්ත - ගුවන්
(7) අවිශ්ක උමයංග - වරාය
(8) චතුර මධුෂාන් ද සිල්වා - ඩි.එම්.එම්.සි.
(9) ටි.එම්. ප්‍රමෝද් රුක්ෂාන්
(10) නුවන් වැලිවත්ත -
එවරත් සමස්ත කණ්ඩායම් ශූරයෝ වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඒ සඳහා ගත වූ කාලය පැය 18 විනාඩි 23 තත්පර 47 කි.
(1) ගුවන් හමුදාව
(2) යුද හමුදාව
(3) නාවික හමුදාව
(4) ශ්‍රී ලංකා ටෙලිකොම්
(5) ඩි.එම්.එම්.සි.
(6) ශ්‍රී ලංකා වරාය අධිකාරිය
(7) ශ්‍රී ලංකා පොලිසිය
ගුවන් හමුදාවේ සුදාරිකා ප්‍රියදර්ශණී කාන්තා තරගයේ සමස්ත ශූරිය වූවාය. එම තරගය පැවැත්වූයේ රත්නපුරය සිට ඇඹිලිපිටිය දක්වාය. එහි මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 72 කි.
(1) සුදාරිකා ප්‍රියදර්ශණි - ගුවන්
(2) දිනේෂා දිල්රුක්ෂි - ගුවන්
(3) සුලෝචනා පංචාලි - ගුවන්
(4) යු.එන්. කුමාරසිංහ - යුද
(5) නිරෝෂනි පෙරේරා - ගුවන්
(6) නිලුකා ශ්‍යාමලි - සි.එස්.ඩි.
(7) ජි.ජි. මනෝමි කුමාරි - ලිහිණි සමාජය
(8) ඩි.ඒ.අයි. නානායක්කාර - යුද
(9) තිලිණි අප්සරා - නාවික
(10) අයේෂා මධුශානි - නාවික

 
 









