
නියමිත මිල ගණන්වලට පටහැණිව රෝගීන්ගෙන් අය කිරීම් සිදු කරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්ෂණික නීති පියවර ගැනීමට බලය පැවරූ විශේෂ විමර්ශන ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිත බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ විශේෂ විමර්ශන ඒකකයට බලය පැවරීමට පෞද්ගලික රෝහල් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් වෙත ඉදිරිපත් කොට ඇති අතර, එහි නිර්දේශ මේ සතිය මැද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම පෞද්ගලික රෝහල් තුළ සිදු කෙරෙන ප්‍රතිකාර කටයුතු, වෛද්‍ය පරීක්ෂණ සහ ශල්‍යකර්ම සඳහා සිදු කෙරෙන අයකිරීම්වලට නිශ්චිත මිල සූත්‍රයක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.