දිගම වේලි ඇති ‘යාන්ඔය’ ජලා­ශයට දිය පිර­වුම ඔක්තෝ­බර්යේ | Page 2 | සිළුමිණ

දිගම වේලි ඇති ‘යාන්ඔය’ ජලා­ශයට දිය පිර­වුම ඔක්තෝ­බර්යේ

 

මෙරට රජ සම­යෙන් පසු ඉදි­වන දිගම වේලි සංකී­ර්ණය සහිත යාන්ඔය වාරි යෝජනා ක්‍රමයේ වාන් ‍ඔය මහ ජලා­ශ­යට ජලය පිර­වීම ලබන ඔක්තෝ­බර් සිට සිදු කිරී­මට නිය­මිත බව යාන්ඔය ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ යූ.එන්. හේම­කු­මාර මහතා පව­සයි. මේ ජලා­ශය පරා­ක්‍රම සමු­ද්‍ර­ය­ටත් වඩා විශාල අතර වේලි සංකී­ර්ණයේ සම්පූර්ණ දුර කිලෝ­මී­ටර් 6.11 කි.

මෙම මහ ජලා­ශය වේලි 5 කින් යුක්ත වේ. එහි ප්‍රධාන වේල්ල කිලෝ­මී­ටර් 2.58 ක් දිග අතර අනෙක් සදැළි වේලි හතරේ දිග කිලෝ­මී­ටර් 3.5 ක් වෙයි. රජ සම­යෙන් පසු මෙත­රම් දිග වේලි 5 කින් යුත් මහ ජලා­ශ­යක් මෙරට ඉදි කරන්නේ ප්‍රථම වර­ටය.

Comments