ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන් උපා­ධිය දිනූ ශ්‍රී ලාංකික දියණිය | Page 2 | සිළුමිණ

ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන් උපා­ධිය දිනූ ශ්‍රී ලාංකික දියණිය

පාරමී ගුණ­රත්න පසු­ගි­යදා ඇමෙ­රිකා එක්සත් ජන­ප­දයේ චිකාගෝ ඉලි­නො­යිස් විශ්ව විද්‍යා­ල­යෙන් ජෛව වෛද්‍ය විද්‍යා ඉන්ජි­නේරු උපා­ධිය ලබා ගත්තාය. එම විශ්ව විද්‍ය­ල­යෙන් මෙම විෂය ධාරා­වෙන් උපා­ධි­යක් ලත් පළමු ශ්‍රී ලාංකික සිසු­විය වන්නේ ඇයයි. ඇය එම විභා­යෙන් විශිෂ්ඨ සමා­ර්ථ­යක් ලැබූ අතර ඇය දැක්වූ දස්කම් නිසා ඇගේ අධ්‍යා­පන කට­යුතු සියල්ල කෙරුණේ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ලැබුණූ පූර්ණ ශිෂ්‍ය­ත්ව­යක් මතයි. ඇය අව­සන් විභා­ගය සඳහා ඉද­රි­පත් කළ පර්යේ­ෂණ නිබ­න්ධ­නය වූයේ යුද්ධ­ය­කදී ඇස්ව­ලට හානිවූ අයෙක් හට වෛද්‍ය ප්‍රති­කාර ලැබෙන තෙක් එම ඇසේ ශක්තිය ආරක්ෂා කර දෙන කුඩා උප­ක­ර­ණ­යක් නිප­ද­වීම සම්බ­න්ධ­යෙනි. පාරමී ගුණ­රත්න තානා­පති රංජිත් ගුණ­රත්න හා වසන්තා ගුණ­රත්න ගුරු­ව­රි­යගේ දිය­ණි­යයි.

Comments