විශේෂ අධි­ක­ර­ණ­යෙන් ගෝඨා­භ­යට අධි­චෝ­දනා ගොනු වෙයි | Page 3 | සිළුමිණ

විශේෂ අධි­ක­ර­ණ­යෙන් ගෝඨා­භ­යට අධි­චෝ­දනා ගොනු වෙයි

මහා පරි­මාණ බර­ප­තළ මූල්‍ය වංචා විභාග කිරීම සඳහා කොළඹ අලු­ත්කඩේ ස්ථාපිත විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණයේ විභාග කෙරෙන දෙවන නඩු­වේදී හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇතුළු විත්ති­ක­රු­වන් සත් දෙන­කුට එරෙ­හිව ඊයේ (24) අධි­චෝ­දනා ගොනු කෙරිණි.

ඒ අනුව රජයේ මුදල් රුපි­යල් මිලි­යන 91ක් අව­භා­විත කර­මින් තංගල්ල, මැද­මු­ලන, වීර­කැ­ටියේ ඩී.ඒ. රාජ­පක්ෂ ස්මාර­කය කෞතු­කා­ගා­රය ඉදි­කි­රීම සම්බ­න්ධ­යෙන් හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට සහ ඉඩම් ගොඩ­කි­රීමේ හා සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාවේ හිටපු සභා­පති එල්. ප්‍රසාද් සිල්වා, එහි සාමා­න්‍යා­ධි­කාරි ඩී. උදු­ලා­වතී කම­ල­දාස, අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන් වූ සුධ­ම්මික ආටි­ගල, සමන් කුමාර ගල­ප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා කුමාරි සේනා­ධීර යන අයට එරෙ­හිව මෙලෙස අධි­චෝ­දනා ගොනු කරනු ලැබීය.
 

Comments