
අපේ රටේ ක්‍රීඩා සංගම් - සම්මේලන 63 ක් තියෙනවා. මේ 63 න් කැපවීමෙන් වැඩ කරන නිලධාරි මණ්ඩලයක් ඉන්නවා නම් ඒ වොලිබෝල් සම්මේලනය විතරයි. විශේෂයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා මේ නිලධාරින්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ ඔවුන්ගේ උත්සහය සහ උනන්දුව ගැන. අනෙක් ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලටත් වොලිබෝල් සම්මේලනය ශක්තියක් වගේ ම ආදර්ශයක් යැයි ෆයිසර් මුස්තාපා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ආසියානු අභියෝග කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ආසියානු අභියෝග කුසලානය එළි දැක්වීමේ උත්සවයේදී ය.
ආසියානු කලාපයේ රටවල් අටක් එනම් ශ්‍රේණිගත කිරීම්වල (ආසියානු කලාපයේ) 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානයේ පසුවන රටවල් මේ තරගාවලියට එක්වෙයි. සත්කාරක ශ්‍රී ලංකාව, මැලේසියාව, හොංකොං, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ඉරාකය සහ මොංගෝලියාව මේ තරගාවලියට එක්වන රටවල්ය.
ෙම් තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට හැකි බව පවසන අමාත්‍යවරයා,
වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා නිතරම ක්‍රීඩා අමාත්‍යාංශයට ඇවිත් වොලිබෝල් ක්‍රීඩාවට ඕනෑ කරන සම්පත් ලබා ගන්න විශාල සටනක් කරනවා.
ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලිය අපේ ජාතික ක්‍රීඩාවට විශාල ශක්තියක් විදියට දකිනවා. මේ තරගාවලිය හරහා දැනට ආසියාවේ 14 වැනි ස්ථානයේ ඉන්න අපට 7 - 8 වැනි ස්ථානවලට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේ ම අපි මේ තරගාවලියේ ශූරයෝ. අනුශූරයෝ වුණත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න අවස්ථාව තියෙනවා.
ලාංකේය ක්‍රීඩාව සඳහා පුද්ගලික ආයතන දක්වන අනුග්‍රහය පිළිබඳ මහත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ අමාත්‍යවරයා, විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පුද්ගලික අංශයේ දායකත්වය හරි ම වැදගත්. රජයකට ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒ නිසා විශේෂයෙන් ඩයලොග් ආයතනය ක්‍රීඩාවේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වෙලා තියෙනවා. ඩයලොග් ආයතනය අපේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් දක්වන අනුග්‍රහයට විශේෂයෙන් ප්‍රණාමය පුද කරන්න ඕනෑ.
බොහෝ ක්‍රීඩා සංගම් - සම්මේලන ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ම ගොඩයෑමට බලා ගෙන සිටින බවද පවසන අමාත්‍යවරයා, හුඟක් ක්‍රීඩා සංගම් සම්මේලන තනිකර ම යැපෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල්වලින්. මම විශ්වාස කරනවා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා පුද්ගලික අංශය සම්බන්ධ කර ගෙන සම්පත් සොයා ගැනීමේ ශූරයෙක් කියලා. ඒ නිසා අපෙන් යැපෙන එක සම්පූර්ණයෙන් ම නවත්වලා පුද්ගලික අංශයෙන් ම ක්‍රීඩාව ඉදිරියට කරගනෙ යාවි කියලා හිතනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.










