
අලුතෙන් ස්ථාපනය කරන ලද බන්ධනාගාර පොලීසිය සඳහා නිලධාරීන් සිය දෙනකු ඇතුළත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිලධාරීන් සිය දෙනා තෝරාගෙන ඇත්තේ විසුරුවා හරින ලද බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අතරින් වන අතර, මෙලෙස බන්ධනාගාර පොලීසියක් මෙරට පිහිටුවන්නේ ප්‍රථම වරටය.
පසුගිය සමයේ බන්ධනාගාරයේ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නිලධාරීන් රැසකට ස්ථාන මාරු ලබා දී ඇති අතර, කිහිප දෙනෙක් වැඩ තහනමටද ලක් වූහ.
බන්ධනාගාරයේ කාන්තා අංශයේ සේවය කළ සමාජ සේවා නිලධාරිනියන්ද වැඩමුර ක්‍රමයකට යටත්ව රාජකාරියේ යොදවා තිබේ.