අනුන් දෙන පින් ලබා ගන්නේ එක ප්‍රේත කොට්ඨාසයක් විතරයි | Page 2 | සිළුමිණ

අනුන් දෙන පින් ලබා ගන්නේ එක ප්‍රේත කොට්ඨාසයක් විතරයි

අද අපි කතා කරන්නේ ප්‍රේත ලෝකය පිළිබදවයි. අපාය හතර පිළිබදව අපි කවුරුත් දන්නවා. නරක, තිරිසන්, ප්‍රේත, සහ අසුර කියලා අපාය හතර හඳුන්වනවා.

ප්‍රේත කියන වචනයේ තේරුම සැපයෙන් තොර වූ සත්ත්වයන් කියන එකයි. ප්‍රේතයන් රාශියක් පිළිබදව සත් ධර්යේ සදහන් වෙනවා. ඒ අතුරින් පළමු වැනි නිජ්ජාමහ තන්හිත කියලා කියන්නේ තමන්ගේ කය තුළම ගිනිජාලාවන් හටගෙන ඒ ගිනි ජාලාවන්ගෙන් තම ශරිරය දැවෙන ප්‍රේත කොටසටයි. ලක්ඛන මහ රහතන් වහන්සේ දිනක් දැක්කා ඍද්ධි බලයට පමණක් පෙනෙන ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයා ගිනි අඟුරුවල ඉන්නේ. මුළු ශරිරයම දැවෙනවා.

දිනක් මේ රහතන්වහන්සේ බුදුරජාණන්වහන්සේට මේ ගිනි අඟුරුවල දැවෙන මේ ප්‍රේතයා පිළිබදව ප්‍රකාශ කරන්න යෙදුණා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස! එක්තරා ප්‍රේතයෙක් ගිනි අගුරු වළක සිටිනවා. ඒ තැනැත්තාගේ මුළු ඇඟම ගිනි අඟුරුවලින් දැවෙනවා. ඒ අවස්ථාවේ බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා, ලක්ඛන මේ රජගහ නුවර හිටිය එක්තරා මනුස්සයෙක්. ඒ මනුස්සයා තම භාර්යාව සිටියදී පරඅඹුවන් සේවනය කළා. ගණිකාවන් ඇසුරු කළා. මේ අකුසල කර්මය හේතු කරගෙන එම තැනැත්තා මරණයෙන් පසුව ඒ අකුසල කර්මය හේතු කොට ගෙන මේ ආකාරයට ප්‍රේත ආත්මයක උපත ලැබුවායැයි දේශනා කළා.

මේ වගේ මුළු ශරිරයම ගිනි අරගෙන දැවෙන ප්‍රේතයන්ට කියනවා.“ නිජ්ජාමහ තන්හිත‘ ප්‍රේතයෝ කියලා.

ඉන් අනතුරුව තවත් පන්ශූපිසාචක ප්‍රේතයන් නමින් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වෙනවා. පන්ශූපිසාචක ප්‍රේතයන් නමින් හඳුන්වන්නේ මොවුන් පස්වල ඉපදෙන නිසයි. මේ ප්‍රේතයන් උපදින තැන් පිළිබදව ධර්මයේ සදහන් වෙනවා. පස්වල , වැලි ගොඩවල් , වැලි තලාවල, ගංගා ඇළ දොළ අයිනේ , ඒ වගේම කුණු කානුවල, වැසිකිළි වළවල් , ඒවගේම ගෙවල් පිළිකනුවල , කුණු ගොඩවල් වල බෑවුම් සහිත ස්ථානවල උපදිනවා. එ මෙන්ම මේ අයට මෙම අපිරිසුදු තැන් නැති වූ විට වෙනත් තැන් සොයාගෙන යනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්කරා උපාසක කෙනෙක් විහාර ස්ථානයක හිටියා. සාංඝික සහල් ටිකක් හොරකම් කරන්නට යෙදුණා. මේ සඝ සතු සහල් සොරකම් කිරීම හේතු කරගෙන ඒ උපාසකයා වැසිකිළි වළක උපත ලැබුවා. පන්ශූ පිසාචක නම් කියන කොටසට අයත් වන ප්‍රේතයෙකු වෙලයි මේ අය ඉපදුණේ. මෙවැනි අපිරිසුදු තැන් නැති වෙලා ගිය පසු එවැනි ම වෙනත් තැනකට යනවා. මේ වගේ දිගටම අපිරිසුදු තැන්වල උපත ලබමින් දිගින් දිගටම යනවා. අපේ ගෞතම බුදුන්ගේ කාලයේ වන තුරුව ඒ ප්‍රේතයන් ජීවත් වුණා.

තවත් ප්‍රේත කොටසක් පිළිබදව බුදුන්වහන්සේ දේශනා කළා . එනම් ‘ඛුප්පි පිසාචක ප්‍රේතයන්‘ කියන්නේ කුසගින්නෙන් පිපාසයෙන් ජීවත් වෙන ප්‍රේතයන්ට . මේ ප්‍රේත කොටසට අධික කුසගිනි පිපාසය තිබෙනවා. කෑම සොය සොයා මොවුන් ඇවිදිනවා. ඒ නමුත් මේ අයට කෙළ, සෙම්, සොටු, මල අපද්‍රව්‍ය හෝ මළකුණු ටිකක් හෝ සොයා ගැනීමට නොහැකි වෙනවා.

මේ අයට ආහාර පාන තිබෙන තැනකින් ගියත් දකින්නට ලැබෙන්නේ නැහැ. ජල පානයට ගංගාවකට බැස්සත් වතුර ලැබෙන්නේ නැහැ.

එකල ලංකාවේ මහවැලි ගං ඉවුරේ ප්‍රේතයන් ටිකක් ඇවිදිමින් ඉන්නවා. රහතන් වහන්සේ පිණ්ඩ පාතයේ වඩින කොට මහා වැලි ගං ඉවුරේ දී මේ රහතන් වහසේ දැක්කා පිරිසක් මොනවාද සොයමින් ඇවිදිනවා. උන්වහන්සේ ලාගේ ඍද්ධි බලයට මේ අය පේනවා.

සත්පුරුෂයනි! මොනවද මේ ගං ඉවුරේ සොයමින් යන්නේ කියලා ඇසුවා.

අනේ... ස්වාමීනි අපි මේ වතුර ටිකක් සොයනවා . එවිට රහතන් වහන්සේ ප්‍රකාශ කළා ඇයි සත්පුරෂයනි . මේ මහවැලි ගගේ කට මට්ටමට ම පිරිලා ජලය ඉතිරිලා ගලනවා. මොකටද මේ වතුර සොයන්නේ යැයි විමසුවා.

“අනේ ස්වාමීනි මෙතැන ගංගාවක් නැහැ. මෙතැන වැලිතලා දෙකක් තිබෙනවා. ඒ වැලිතලා දෙක අතරින් විශාල කළු ගලක් තිබෙනවා කියලා කිව්වා. එවිට රහතන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඔය වැලිතලා දෙක අතුරින් ලස්සන ගංගාවක් ගලනවා යැයි සඳහන් කළා. මේ ප්‍රේතයන්ට ගංගා දෙක අතර මහ ජල කඳ පෙනෙන්නේ ගල් තලාවක් ලෙසයි“

රහතන්වහසේ අනුකම්පාව ඇති කරගත්තා. එහෙම නම් සත් පුරුෂයිනි නුඹලා බිම හාන්සි වී සිටින්න. මේ ප්‍රේතයන් බිම හාන්සි කරලා පාත්‍රවලින් ජලය ගෙනල්ලා මේ ප්‍රේතයන්ගේ හිසේ තියන මුඛයට ජලය වත් කළා. මේ වගෙ කුසගින්නේන් පිපාසයෙන් අධික ලෙස පිඩාවට පත්වෙන කොටසට කියන්නේ කුප්පි පාසික ප්‍රේතයන් කියලා .

අනෙක් ප්‍රේත කොටස හඳුන්වන්නේ ‘පරදත්ථුපක“ ප්‍රේතයන් ලෙස හඳුන්වනාවා. අනුන් දෙන පින් ලබා ගන්නා එකම කොට්ඨාසය මේ ප්‍රේත කොට්ඨාසයයි.

ඊළග ප්‍රේත කොටස වන්නේ මන්ස පිණ්ඩික නමින්. මන්ස පිණ්ඩික කියන්නේ මස්ගොඩක් කියන එකයි. මේ අයට හමක් පිහිටලා නැහැ. මුළු ඇගම මස් ටිකක් පමණයි. මේ මස් වලට ඇතැම් වේලාවට සතුන් විදිනවා. සතුන් කියන්නේ අපි දන්න සතුන් නොවෙයි ප්‍රේතයන් අතර ඉන්නවා ප්‍රේතයන්ගේ කර්ම බලයෙන් සකස් වෙච්ච ගිජුලිහිණියන් පිරිසක්. ඒ අය මස් සහිත සමට විදලා පුදුමාකාර පීඩාවක් ලබා දෙනවා. මන්ස පිණ්ඩික ප්‍රේතයන් පුදුමාකාර විදිහට දුක්විදිනවා.

අනෙක් ප්‍රේත කොටසට කියනවා අට්ඨිසංඛලික ප්‍රේතයන් කියලා. මේ අය ශරිරයේ මස් නැහැ නහර නැහැ. ඇට සැකිල්ලක් විතරයි තියෙන්නේ. සමහර ඇටසැකිලි ප්‍රේතයන් ගැන බුද්ධ දේශනාවේ හැඳින්වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් දැක්කා අහසින් ගමන් කරන ඇටසැකිලි ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයාට මහ විශාල හිසක් තිබෙනවා. ඒ හිසට මහ විශාල කුළු ගෙඩි හැට දාහක් වැටෙනවා. යක්ෂ වර්ගයට අයත් ගිජු ලිහිණියන් ඒ ප්‍රේතයා පසු පියාඹගෙන ගිහින් මේ ඇටසැකිලි විදිනවා. ඇටකෝටු ඇතුළේ ඇති ඇට මිදුළු අනුභව කරනවා. මේ ප්‍රේතයෙක් ඍද්ධි බලයෙන් ගමන් දැකලා මිහිදුමහ රහතන්වහන්සේ බුදුන්වහන්සේට ඒ බව ප්‍රකාශ කළා.

බුදුන්වහන්සේ වදළා අතීතයේ එක්තරා මනුස්සයෙක් හිටියා ඒ මනුස්සයා ඇවිදින කොට දැක්ක පිලෙක්. පිලා කියන්නේ උපතින්ම අත්පා අහිමි කෙනෙක්. මේ පිලා කැටපෝලක් තියාගෙන ලස්සන රූප සටහන් මවනවා. මෙ මනුස්සයා හිතුවා මම කොහොම හරි මේ පිලාගෙන් මේ රූප සටහන් මවන ආකාරය ඉගෙන ගන්නවා කියලා හිතුවා. එහෙම හිතලා මේ පිලාට ඇප උපස්ථාන කළා. එහෙම හිතලා මේ මනුස්සයා හිතුවා මේ මනුස්සයා වගේ ගස්වලටකොළවට විදලා රූපසටහන් මවන්නේ නැහැ. මම කාත් කවුරුත් නැති මනුස්සයෙකුට විදලා රූප සටහන් මවනවා කියලා.

එහෙම හිතලා පසේ බුදුන් කෙනෙකුට විද්දා. ඒ ගල් පහරින් උන්වහන්සේ මිය ගියා. මේ අකුසල කර්මයෙන් තමයි ඒ තැනැත්තා මේ අට්ටි සංඛ ලිඛ ප්‍රේතයෙක් බවට පත්වුණේ.

ඊළඟ ප්‍රේත වර්ගය හදුන්වනවා කාලඛණ්ජක ප්‍රේත කියලා. මේ ප්‍රේතයන් උපදින්නේ සීතල ජලය ඇති ස්ථානවලයි. මේ අය ජලය ඇති ස්ථාන වල ඉපදිලා සීතල ජලයෙන් පීඩා විදිනවා.

ඒ වගේ ම තවත් ප්‍රේත වර්ගයක් ඉන්නවා. විමාන ප්‍රේතයො කියලා කොටසක් ඉන්නවා ඒ අය ඉපදෙන්නේ දිව්‍ය විමාන වලයි. දිව්‍ය විමාන ප්‍රේතයෝ බොහොම සැප බහුල ජීවත ගත කරන කොටසක්. ඒ අය ඉපදෙන්නේ දිව්‍ය විමාන වලයි. දිව්‍ය විමාන මැවිලා තියනවා. ආහාර පාන තිබෙනවා. දිව්‍ය සළුපිලි ලැබෙනවා. බොහො සැපසම්පත් අනුභව කරනවා. මාසෙකට දවස් පහළොවක් සැප විදිනවා. අනෙත් දවස් පහළොව දුක් විදිනවා. ඒ නිස ඒ අය විමාන ප්‍රේතයන් ලෙස හඳුන්වනවා. සමහර ප්‍රේතයන්ට මාර්ග පල ලබා ගන්න පුළුවන්.

ඔබ කවදාවත් අහලා නැතුව ඇති ප්‍රේතයන්ට මාර්ග පල ලබන්න පුළුවන් කියලා. ප්‍රේතයන්ට මාර්ග පල ලබන්න බැහැ. විමාන ප්‍රේතයන්ට මේ මාර්ග පල ලබන්න පුළුවන් මාර්ග පල ලබා ගත්ත ප්‍රේතයන් පිළිබදව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. සංයුක්ත නිකායේ පුණබ්බසු සුත්‍ර යේ සදහන් වෙන්නේ විමාන පෙරේතියක ගැන. ඒ ප්‍රේතියට පුතෙක් ඉන්නවා පුණබ්බසු කියලා . දියණියක් ඉන්නවා ඒ දියණිය උත්තරා යනනමින් හැඳින්වෙනවා.

මේ පුණබ්බසු මාතා පුණබ්බසු කියන පුතා සහ දියණිය සමඟ ජේතවනාරාමයට ආවා ආහාර පාන සොයා ගන්න. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ගහක් මුලට වෙලා ධම්ම පදයේ අප්පමාද වර්ගය දේශනා කරනවා. මේ ගායනා කරනවා අසලා පුණබ්බසු මාතාව දරුවන්ට මෙසේ කියනවා. “දරුවනි නිශ්ශබ්ද වෙන්න. ආර්යයන් වහන්සේ ධම්ම පදය සජ්ඣායනා කරනවා. එබදු ධර්මයක් අසන්නට ලැබුණේ නැහැ. ඒ නිසයි අපි ආත්ම භවවල ඉපදුණේ. ඒ නිසා ධර්මය ශ්‍රවණය කරන්න ඒ වෙලාවේ මේ දරුවන් නිශ්ශබ්ද වුණා. මෑණියනි, ඔබ ධම්ම පදය අසන්න මේ පුණබ්බසු කියන ප්‍රේතිය සහ පුනබ්බසු පුතාත් සෝතාපත්ති පලයට පත් වුණා. ඒ වගේම විමාන ප්‍රේතයෙක් තමයි ආලවක යක්ෂයා මේ අය පිළිබදව ඔබ නිරතුරුව අසා තිබෙනවා. ඒ වගේ ම රුචිලෝම ප්‍රේතයා පිළිබඳ අපි අසා තිබෙනවා. රුචිලොම කියන්නේ ඉදිකටු තුඩක් කියන අරුතයි. ඉදිකටු වගේ තියුණ් රෝම ඇති නිසා මේ ගනයට අයත් වනවා .මේ අයත් සෝතාපත්ති පලයට පත් වුණ අයයි. මේ අය සෝතාපත්ති පලයට පත්වු බව අපට ත්‍රිපිටකයෝ දකින්නට ලැබෙනවා.

තවත් වර්ගයක් අජගකරංග ප්‍රේතයන්. පිඹුරු වගේ හැඩයකින් උපදිනවා. ධර්මාශෝක රජතුමා මරණාසන්න මොහොතේ විශාල වේදනාවකින් හිටියා. කාන්තාවක් තල් පතකින් පවන් සැලුවා. ඒසේ පවන් සලන විට බැරි වීමකින් තල් පත ඇඟේ වැදුණා. රජ ඒ දේට කේන්ති ගත්තා. ඒ කේන්තිය නිසාම අජඩරංග කියන ප්‍රේතාත්මයේ උපත ලැබුවා නමුත් සතියයි ඒ ආත්ම භවයේ හිටියේ සතියකින් පසු ඒ අකුසලය අවසන් වෙලා දෙව් ලොව උපත ලැබුවා.

Comments