සැමගේ අතේ නොපිහිටන පරම්පරා රේඛාව ගැඹුරින් පිහිටයි නම් නායකත්වය හා ධනය | Page 3 | සිළුමිණ

සැමගේ අතේ නොපිහිටන පරම්පරා රේඛාව ගැඹුරින් පිහිටයි නම් නායකත්වය හා ධනය

ජ්‍යොතිෂ්‍යය හෙවත් කාල හෝරා ශාස්ත්‍රය පූර්ව ජාතියෙහි ඔබ කළ කුසලා - කුසල කර්මයන්ගේ පල මෙබඳු යැයි කියවෙන ශාස්ත්‍රයයි‍.

ඉර හඳ තාරකා දිනපතා පායති. දිලෙති‍. මනුෂ්‍ය වර්ගයා ද ලෝකයේ සියලු සත්වයෝ ද මොහොතින් මොහොත උපදිති. මේ සියලු දෙනාම එකිනෙකාට වෙනස් ය.

මේ ලෝකයේ උපදින අය ඒ ඒ පුද්ගලයාට පමණක් සීමාවූ ගති ලක්ෂණ සිතුම් පැතුම් හා දක්ෂකම් ද ඇතිව උපදින්නේ ය. එය අල්ලේ ද පතුලේ ද සිරුරේ ද සනිටුහන් කරගෙන එන්නේ රේඛාවලින් ය. එය ස්වභාව ධර්මය තුළ ගැබ්ව ඇති මහා ප්‍රඥාවක ක්‍රියාවකැයි සිතිය හැකි ය. මේ ප්‍රඥා බලවේගය කුමක් දැයි නවීන විද්‍යාව තවම හසුකර ගෙන නැත.

ලෝ වැසි මනුෂ්‍යයන් අතර රූප ලක්ෂණ ගති ක්‍රියා ආදියෙන් එක සමාන ව‍ූ දෙදෙනෙක් ද සොයා ගැනීම දුෂ්කර වන්නාක් මෙන් ම එක් අයෙකුගේ අත්දෙකේ එකම නම් දරන රේඛා එකසේ නැත්තා සේ ම එකම ස්වභාවයෙන් යුත් මනුෂ්‍යයින් සොයා ගැනීම ද දුෂ්කර වන්නේ ය.

දකු‍ණතේ රේඛාවන්ට වඩා වමතේ රේඛා වෙනස් ය. කලාතුරකින් කෙනෙකුගේ ද‍ෑතේම රේඛා එක සමාන පිහිටන්නේ ය. කාන්තාවන්ගේ වම් අතේ පිහිටන රේඛාවන්ගෙන් මෙන් ම පුරුෂ පක්ෂයේ අයගේ දකුණතේ පිහිටන රේඛාවන්ගෙන් ශුභ රේඛාවන්ගෙන් ශුභ පල ද අශුභ පල රේඛාවන්ගෙන් අශුභ පල ද දෙන්නේ ය.

මිනිස් අල්ල පුරාතන සාමුද්‍රිකා ඍෂින් විසින් කොටස් තුනකට බෙදා වෙන්කර ඇත්තේ ය. ඒ අනුව අල්ලේ ඇඟිලි අයත් කොටස ශීර්ෂ රේඛාවෙන් උඩ දිව්‍යමය කොටස ලෙස සැලකේ. මෙම කොටස පංචම ග්‍රහයින්ට අයත් ය. මෙහි වැටෙන රේඛාවන් අතර පරම්පරා - ශනි චක්‍ර රේඛා - ස්ථානෝචිත ප්‍රඥා රේඛා ප්‍රඥා රේඛා සිකුරු මග යන රේඛා පිහිටන බව වේද ශාස්ත්‍රයේ එයි‍.

මෙහි (අංක 1) ගුරු මණ්ඩලයට අල්ල මැද සිට වැටෙන රේඛාව සාමුද්‍රිකා ශාස්ත්‍රයේ හැඳින්වෙන්නේ පරම්පරා රේඛාව ලෙස ය. මෙම රේඛාව පියාට හිමි ගුරු මණ්ඩලයට පීතෲ ස්ථානයට ඉහළ චන්ද්‍ර මණ්ඩලයේ සිට වැටේ. බොහෝ විට ශනි ගුරු මණ්ඩල අතරින් මාතෘ රේඛාව කපාගෙන යයි. මෙම රේඛාව මනාව පිහිටියේ නම් බොහෝ සෙයින් ම පෙර ආත්ම පරම්පරාවේ ජීවත්වන්නෙකි. එසේ ම අනේකවිධ වස්තූන් ලබන්නෙක් වේ. වාසනාවන්ත වේ‍. උතුම් කුල ගුණ ධර්මයෙහි ආරක්ෂා කරමින් හැසිරෙන්නෙක් වේ. මෙම රේඛාව දුර්වර්ණ වී නම් වෙන ඉරිවලින් කැපිණි නම් නම්බුව ද වස්තුව ද රැකී රක්ෂා දී සියල්ල විනාශවී ඉතාමත් අප්‍රසන්න භාවයට පත් වන්නේ වෙයි‍.

මෙම රේඛාව සියල්ලන්ගේ ම අත්වල නොපිහිටන්නේ ය. යම් කිසිවෙකුගේ අල්ලක මෙය ඉතා ගැඹුරුව පිහිටියේ නම් වර්ණවත් නම් මිනිස් කුලයේ නායකත්වය ලබයි. ප්‍රධාන පෙළේ සමාජ සේවාවට හිමි ධනයෙන් ක‍ීර්තියෙන් බලය ලබන රේඛාවකි.

එම රේඛාව දෙකට කැඩුණේ නම් අවාසනාවන්ත සිද්ධියකින් පීඩා විඳියි. අපලයකට පත්වේ.

ශනි වක්‍ර රේඛාව මෙහි (අංක 3 – 3 දැක්වේ) අල්ලේ ද්‍රව්‍යමය කොටසේ වැටෙන රේඛාවකි. එයට සමුද්‍රිකා ඍෂින් විසින් සූර්ය පථ රේඛාවයැයි ද ශුක්‍ර මේලාව යැයි ද සිකුරු බඳ පටියැයි ද නම් කෙරේ.

තර්ජන ඇඟිලි මුල සිට ගුරු පර්වතයෙන් ද කුජ බුද පර්වතවලින් ද වෙදඟිලි මැදඟිලි මුලින් හා එයට අතර තුරෙන් ද පටන්ගෙන ශනි චක්‍ර රේඛාව වැටේ. මෙම රේඛාව දුර්වර්ණ වී නම් කාමුක බවෙන් වස්තුව විනාශ කර ගනියි. ශෝක දුක් අනේකය.

ශනි ඇඟිලි ගුරු ඇඟිලි අතර මකරයෙන් පටන් ගන්නා රේඛාව මාතෘ රේඛාව කපාගෙන විකෘති කුජ මණ්ඩලයට වැටීම වැරැදි කාමුක ක්‍රියාවෙහි හැසිරෙන අයෙකි. ( අංක 4)

ගුරු මණ්ඩලයේ සිට බුද මණ්ඩලයට වැටෙන රේඛාව (අංක 5) මෙවැනි අය දහම් ගැට කාරයෝ ලෙස සාමුද්‍රිකා ඍෂීන් හඳුන්වා දී තිබේ. අවාසනාවන්ත ලෙස විවාහ ගිවිසුම් පවා කඩා ගන්නෝ ය.

ශනි මණ්ඩලයේ සිට කුජ තලාව හරහා රාහු කලාපයට වැටෙන ප්‍රයෝගකාරී රේඛාව (අංක 6) කිසියම් අල්ලක වැටේද එවැනි අය විශ්වාසවන්ත නොවේ. රැවටිලි වංචාකාර අය ය. බොරු කාරයෝ ය.

ශනි වක්‍ර රේඛාව සහිතව ‍රවි මණ්ඩලයට යටින් වැටෙන රේඛාව (අංක 7) නිතරම අවකල් ක්‍රියාවෙහි හැසිරෙන අයෙකු හඳුනා ගන්නා අයෙකි.

‍රවි මණ්ඩලයේ සිට කුජ තලාවට වැටෙන මහ ධන රේඛාව (අංක 8) අන්‍ය වස්තූන් හරි හම්බ කරගන්නා අයෙකි. මෙම රේඛාව කැපුණි නම් එහි ලප වැටුණි නම් අපස්මාර රෝග හට ගන්නෙකි.

ස්ථානෝචිත ප්‍රඥා රේඛාව මෙහි අංක 9 යෙන් දක්වා ඇත. එය බුද මණ්ඩලයට නියමාකාරව චන්ද්‍ර මණ්ඩලයේ සිට වැටී ඇති හැටි බලන්න. (අංක 9 – 4) ඥාන රේඛාවය ස්ථානෝචිත ඥාන රේඛාවය යන පර්යාය නම්වලින් හැඳින්වේ.

යහපත් ඥානකාරී ඉන්ද්‍රියන් ඇති කෙනෙකුට මෙය පිහිටන්නේ ය. ශාස්ත්‍රයන් ඉගෙනීම සහ එයට දක්ෂ ගුරුවරයෙක්වේ‍‍‍. ප්‍රධානියෙක්වේ. ප්‍රශංසා ලබන්නෙක් වන්නේ ය.

මෙය සහජ ඥානකාරී රේඛාවයි. ‍එය චන්ද්‍ර මණ්ඩලය උස්ව ගුරු මණ්ඩලය උස්ව පිහිටි අතක දිස්වේ නම් ගුප්ත ශාස්ත්‍රයේ දක්ෂ අයෙකි.

පෙර භවය දන්නා අයෙකු හඳුනා ගන්නා මේ රේඛාව රෝස වර්ණයෙන් දැක්වේ. සියලු දෙනාගේ ම අත්හි මෙම රේඛාව නොවැටේ.

කිවි මඟ ගිය කිවි පර්වත රේඛාව මෙය අල්ලේ ජීවන රේඛාවට සමාන්තරව කිවි පර්වතය උස්ව පිහිටියේ නම් උතුම් ගුණවන්තයෙකි. (අංක 10) නොයෙක් ධනයෙන් ද ප්‍රශංසාදී කීර්තිමත් දානවත් උතුමෙකුට පිහිටයි. එය වඩාත් ගැඹුරුව වර්ණවත්ව වැටී ඇත්නම් ප්‍රමාණයට වඩා ධනය ලබයි.

එය දුර්වර්ණාදිය වීම නිසි ප්‍රතිඵල හීනවන ලකුණකි.

 

ලබන සතියට තවත් සැඟවුණු

රේඛා ලක්ෂණ.

Comments