කේලාම් කීම නිරයගාමි වීමට හේතු වෙනවා | Page 2 | සිළුමිණ

කේලාම් කීම නිරයගාමි වීමට හේතු වෙනවා

ප්‍රාණඝාතයක් යනු යම් කිසි ප්‍රාණියෙකුගේ එනම් සත්ත්වයෙකු‍ගේ ජීවිතය දැන දැනම විනාශ කිරීමයි. ප්‍රාණ ඝාත අකුසල කර්මයේ විපාක පිළිබදව බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල සදහන් වෙලා තියෙනවා . ප්‍රධානම විපාකය වන්නේ බහුල කොට ප්‍රාණ ඝාතය කරන සත්ත්වයන් මරණින් මතු සංජීව කියන නිරයේ ඉපදෙනවා. සංජීව කියන නිරය තිබෙන්නේ පොළොව මතු පිට සිට යොදුන් පහළොස් දහසක් යටින්. මෙ නිරය හරි හතරුස් යකඩ ප්‍රාකාර වගේ යකඩින්ම සැදුණු බිත්ති සතරක් සතර වටේට තිබෙනවා. යකඩින් සැදුණු පොළොවක් තිබෙනවා. මේ විදිහට යොදුන් සියයක් දිග යොදුන් සියයක් පලළ සහ යොදුන් සියයක් උසයි. මේ බිත්ති හතරින් ම ගිනිජාලා හටගන්නවා. පොළොවෙනුත් ගිනි ජාලා හට ගන්නවා. මේ ගිනි ජාලාවලයි ප්‍රාණ ඝාතය කරන ලද අය සිටින්නේ.

ප්‍රාණ ඝාතය කරන ලද අය සංජීව නිරයේ ඉපදුණාම ඒ සත්ත්වයාගේ උස ගව් තුනක් පමණ වන බව සඳහන් වෙනවා. ‍සංජීව නිරයේ ඉපදුණාට පස්සේ යකඩ පොළොවේ පෙරලළා කෑලිවලට කපනවා. ඒ කපන ලද කෑලි නැවත එකතු වෙනවා. නැවතත් එකතු වෙනවා නිසායි මේ නිරයට කියන්නේ සංජීව නිරය කියලා. සංජීව කියන්නේ නැවත ඉපදීම කියන අරුතයි. සංජීව කියන නම් යෙදුණු අය ඉන්‍නවා ඒ අයට සං‍ජීව කියන අර්ථය යෙදෙන්නේ නැවත ඉපදීම යන අදහසිනුයි.

අතීතයේ වැඩ සිටියා කකුසද කියලා බුදුන් කෙනෙක් ඒ කකු සද බුදුන්ට අග්‍ර ශ්‍රාවක දෙනමක් හිටියා. එක අග්‍ර ශ්‍රාවකගේ නම විදුර අනිත් අග්‍ර ශ්‍රාවකගේ නම සංජීව නම් වෙනවා බුද්ධ කාලයේ පටන්ම තමයි ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ගරුකිරීමක් වශයෙන් ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල මිනිසුන්ට මේ නම පුරාතනයේ පටන් යෙදුණේ. ඒ වගේ සංජීව නිරය ගැන කතා කිරීමේදි ප්‍රාණඝාතය කරන අය පමණක් නොවෙයි මේ නිරය ගාමි වුණේ. සොරකම් කරන අයත් ඉපදෙනවා මේ නිරයේ කාම මිත්‍යාචාරයේ යෙදෙන අයත් මේ නිරයේ ඉපදෙනවා. යුද්ධ කළ කෝලහාල කරගන යුද්ධ කරන අයත් සංජීව කියන නිරයේ ම ඉපදෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියනවා. ඒ අනුව ප්‍රාණ ඝාතය කාම මිථ්‍යාචාරය සොරකම් කිරීම ආදියද යුද්ධ කලකෝලහාල ඇති කරගෙන යුද්ධ ඇති කරගන්නා තැනැත්තන් ඉපදෙන්න හේතුවක් වෙනවා. ඒ වගේ ම ප්‍රාණ ඝාතයෙන් ලැබෙන ඊළඟ විපාක පිළිබදව කතා කරනවා නම් නිරයේ බොහෝ කාලයක් දුක් විදලා මනුස්ස ලෝකයට ආවාම බුදුරජාණන් වහන‍්සේ දේශනා කළා අල්පායුෂයෙන් මියයනවා කියලා. ඒ කියන්නෙ අඩු වයසින් මිය යනවා කියන එකයි‍.

ඒ වගේම ප්‍රාණඝාතය කරන අය සමහරක් නිරයේ වගේම ප්‍රේත ලෝකයේත් ඉපදෙනවා. සමහර අය තිරිසන් ගතව ඉපදෙනවා සුගතිගාමී ‍වෙලා ඉපදුණත් නොයෙක් රෝග අන්තරාය ඇතිවෙනවා. දරුණු රෝගාබාධ හටගන්නවා. අංග සම්පුර්ණයෙන් නැති ශරීර ඇති කෙනෙක් බවට පත්වෙනවා.

දුර්වල ශරීරයක් ඇති අය බවට පත්වනවා. මනාව පිහිටා ඇති අවයව නැත්තෙක් වෙනවා. ලෝකයාට අප්‍රිය අයෙකු බවට පත්වෙනවා. .තමන්ට ඉන්න යහළුවන් නිතර නිතර බිදෙනවා .නිතර සෝක කරන්නට යෙදෙනවා නිතර බිය ඇති වනවා බොහෝ සතුරන් ඇති අයෙක් වෙනවා. බොහෝ සතුරන්ගෙන් අනන්ත අප්‍රමාණ පීඩා වට ලක් වෙනවා බොහෝ විට ප්‍රාණ ඝාත අකුසල කර්මය කරන ලද අැත්තන් පරෝපක්‍රමයන්ගෙන් මරණයට පත් වෙන්නේ. ලෝකයාට අප්‍රිය අසෝබන කෙනෙක් බවට පත්වෙනවා මේ කරුණු හොදින් තේරුම් ගෙන මැසි මදුරු ආදි සතුන්ගෙන් සිට සියලු සත්ත්වයන් ඝාතනය කිරීමෙන් වැළකි සිටිය යුතුයි.

ඊළගට අපි හොරකම් කීරීම පිළිබද කතා කළහොත් එයින් ලැබෙන ප්‍රතිවිපාකත් බොහෝ කොට වෙනවා. ‍මේ අය සංජීව නිරයේ ඉපදෙන බවත් සඳහන් වුණා ඉහතින්. මේ ආකාරයට නිරයේ බෝහෝ කාලයක් ගතකරලා මනුෂ්‍ය ලෝකට පැමිණි පසු ඇති වන ප්‍රතිවිපාක පිළිබදව බොහෝමයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. එයින් ලැබෙන එක් විපාකයක් වන්නේ ඇට සැකිලි මතු වූ කුණු තැවරුණ දුර්වර්ණ ශරීර මේ අයට පිහිටන්නේ. අපිරිසුදු ඇදුම් අඳින්න දුක් විදින්න සිදුවෙනවා. යන යන තැන නින්දා අපහාස ලබන්න සිදුවනවා. ගැරහුම් ලබනවා . සමහර අයට සිඟමන් යදින්න වෙනවා. ‍අමාරුවෙන් හරි කෑමක් බීමක් ලැබුණත් එය සතුටින් අනුභව කරන්න අවස්ථාව නැතිව යනවා. ධනය සොයා ගැනීමට බොහෝ වීරීයක් උත්සහයක් ලැබුණත් සමහර අයට ඒ උත්සහය වීර්යය නිෂ්ඵල වන අවස්ථා තිබෙනවා. මවුපියන්ගේ දායද ලැබුණත් එය වැඩි කල් තියෙන්නේ නැහැ‍.මේ වගේ බො‍හෝ අකුසල විපාක සොරකමින් ඇති වන බව සත්පුරුෂයන් විසින් අවබෝධ කරගත යුතුයි.

ඒ ළඟ කරුණ වන්නේ කාමමිථ්‍යාචාරයයි. කාමමිථ්‍යාචාරය යනුවෙන් අදහස් කරන්නේ සමහර වැරදි කාම සේවනයයි. ඇතැමුන් සිතන්නේ කෙනෙක් සමඟ ආදර ඇසුරක් පවත්වනවා නම් ඒ අය සමඟ විවාහ වීමට අදහස් කරගෙන සිටිනවා නම් ඒ තැනැත්තියගේ හෝ තැනැත්තා සමඟ විවාහ වීමට පෙර අඹුසැමියන් ලෙස හැසිරීමේ වරදක් නැති බවයි. නමුත් බුද්ධ දේශනාවට අනුව විවාහ වීමට සිටින තැනැත්තිය සමඟ හෝ විවාහයට පෙර විවාහ වීමට සිටින තැනැත්තිය සමඟ හෝ අඹුසැමියන් ලෙස හැසිරීම වරදක්. කාමමිථ්‍යාචාරයට අයත් වන අකුසලයක්. විවාහ වීමට පත් වු පසු තම ස්වාමිපුරුෂයා සහතම භාර්යාව අබිබවා පර ස්ත්‍රින් ඇසුරු කරයි නම් පර පුරුෂයන් ඇසුරු කරයි නම් එය වරදක්. විවාහක හෝ අවිවාහක හෝ ගණික‍ා වෘත්තියේ යෙදෙන හෝ වෙනත් කෙනෙක් ඇසුරු කරයි නම් එය කාමමිථ්‍යාචාරයට අයත් වන අකුසල කර්මයක්. ‍කාමමිථ්‍යාචාරයේ බහුලව යෙදෙන තැනැත්තෝ සංජීව කියන නිරය ගාමී වන බව ඒකාන්තයි. ඊට අමතරව මනුස්ස ලොකයේ ඉපදුණෙ නම් බොහෝ කොට දුක් විදි අඩු පාඩු සහිත බොහෝ කොට දුක් විදින ස්ත්‍රි ආත්ම භාවයක උපදිනවා. බොහෝ කොට නපුංසක ආත්ම භාවයන්ගේ උපත ලැබීමත් තමන්ගේ ශරීර අවයව මනා ලෙස පිහිටන්නේ නැහැ. ඒ නිසා විවාහ ජීවිතගත කරන්න අවස්ථාව නොලැබී යනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයේ හැසිරෙන උදවිය උභතෝ භියන්ජක ලෙස උපත ලබනවා. මේ අයට ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම පිහිටි ශරිරයක් ඇති වීමයි. එබදු අය ‍අපේ රටේ බහුල නොවුණත් ඉන්දියාව වැනි රටවල බහුලව දකින්නට ලැබෙන අවස්ථා ඇති බව සදහන් වෙනවා. අධික දුක් විදින සහ දුර්වර්ණ ශරීරයෙන් යුතු වීම භයානක පෙනුමක් ඇති ශරීරයක් ලැබීම හමේ රෝග සමාජ රෝග බහුල වීම අනන්ත අප්‍රමාණ දුක් දොම් නස් විදින පසු තැවිම් සිත් තැවුල් ඇති වීම ජීවිත ගතකරන්නට ලැබීම‍ මේ කාමමිථ්‍යාචාරයේ හැසිරුණු තැනැත්තන්ට සිදුවෙනවා.

මුසාවාද කියන්නනේ බොරු කීම කියන අකුසල කර්මය පිලිබදව සඳහන් කළොත් එවැනි බොරු කියන ‍තැනැත්තෝ කාල නම් සුත්‍ර මහා නිර‍යේ උපත ලබනවා. මෙයත් ඉහත සඳහන් නිරයන්ට සමානයි. ඇගේ කොටු ලකුණු කරලා ඒ කොටුවල ඉරි සටහන් යොදලා වෑයවලින් රහිනවා. මෙහිදීත් යළි ශරීරය යථ‍ාතත්ත්වයට පත්වෙනවා. බහුලව බොරු කියන අය මේ කියන කාල සුත්‍ර නිරයේ අායුෂ බොහෝයි. අපේ අවුරුදු වලින් ‍තුන්කෝටි හැටලක්ෂයක් වෙනවා. බොරු කියන්නන් මනුස්ස ලෝකයේ උපත ලැබුවොත් බොහෝ විට ගොළු භාවයට පත් වෙනවා. කියන්න උත්සහ කරන දේ පිටතට ඇසෙන්නේ නැතුව යනවා එවගේම මුඛය ආශ්‍රිත පිළිකා ඇති වෙනවා. මුඛ දුර්ගන්ධය පැතිරෙනවා. අයට ඒ ප්‍රතිවිපාක ‍. කියන බස් අනෙක් අය විස්වාස‍ නොකරන තත්ත්වයට පත් වෙනවා. මේ වගේ අනන්ත අප්‍රමාණ ප්‍රතිවිපාක ලැබෙනවා. සමහර වෙලාවට බොරු කියන අය ප්‍රේතයන් වෙලත් ඉපදෙනවා. මනුස්සයෙකුගේ වගේ ශරිරයක් තියන ඌරෙක්ගේ වගේ ඔළුවක් තියන ප්‍රේතයෙකු එක්තරා රහතන්වහන්සේ නමක් දැක්කා.මේ ප්‍රේතයාගේ කට කුණුවෙලා පණුවන් ඉන්නවා. මුඛය ආශ්‍රිතව ඒ ප්‍රේතයාට කියන්නේ සූකර මුඛ පෙරේතයා කියලා. ඒ සූඛර මුණ ප්‍රේත ආත්ම ලැබෙන්නට හේතුව බොරු කීමයි

ඊළඟට කේලාම් කීම ගැන කතා කළොත් කේලාම් කියන්නේ කුමක්ද කියලා අපි දන්නවා. කෙනෙකුගේ ගුණදොස් මෙතැනින් අසා එතැනටත් එතැනින් අසා මෙතැනටත් ‍බිදවීමේ අදහසින් තමන්ගේ වාසියට කීම කේලාම් කීමයි. කේලාම් කීම නිරය ගාමි වීමට මෙන්ම තිරිසන් ලෝකයට යෑමට හේතු වෙනවා. ප්‍රේත ලෝකයට යන්න හේතුවක්. එක්තරා කාන්තාවක් කේලාම් කියලා භික්ෂුන් වහන්සේ දෙනමක් අතර ඇති සමඟිය නැති කළා. ඒ සමඟිය නැති කිරීමේ පවින් නිරයේ ඉපදුණා. නිරයේ ඉපිද පොළොව ගව් හතක් උසට‍ වැඩෙන තුරු නිරය ගාමි වුණා. ඉන්පසුව නිරාදුක් විද එයින් නිදහස් වෙලා ප්‍රේත ආත්ම භාවයක උපත ලැබුවා. ප්‍රේත ආත්ම භාවයේදීත් මුහුණ කුණු වී දුක් වින්දා කියලා සදහන් වෙලා තියනවා. ඒ පිසුණු බසේහි ප්‍රතිවිපාකයයි.

පරුෂාවාචා පිළිබදව කතා කළොත් පරුෂාවාචා කියන්නේ පරුෂ වචනයටයි. පරුෂ වචන කතා කිරීමයි පරුෂාවාචා කියනනේ තරහින් යුතුව කතා කිරිමත් අකුසල කර්මයක් බහුල බහුල වශයෙන් පරුෂ වචන කියන අය මරණින් මතු උපදින්නේ තාප කියන නිරයේ උපත ලබනවා. අට මහ නිරයන්ගෙන් එකක් වන මේ නිරය සංජීව නිරය මෙන් හරි හතරුස් නිරයක් බිත්තිවලින් ගිනි ජාලාවලින් යුතු මෙ නිරයේ තියනවා තල් කදන් වගේ උස යකඩ කදන් හිටවලා ඒ වා හිටවලා තියනවා උල්වෙලා තියනවා. මේ නිරයේ උපත ලබන සත්ත්වයන් උල ගැසිලා පිච්චි පිච්චි අනන්ත අප්‍රමාණ කාලයක් දුක් විදිනවා. මේ නිසා මේ පරුෂ වචන කීමත් විශාල අකුසල කර්මයක් හොදින් තේරුම් ගන්නට ඕන ශිෂ්‍යයන් හික්මවීමට ගුරුවරුන් පරුෂ වචන කියනවා. සමහර ආයතන ප්‍රධානීන් යටත් සේවකයන් හික්මවා ගන්න පරුෂ වචන කියනවා.

මවුපියන් දරුවන් හික්මවා ගැනීමට පරුෂ වචන භාවිත කරනවා. සමහර සේවකයන් හික්මවන්න ස්වාමින් විසින් පරුෂවචන කියනවා. පරුෂ වචන කියන්නේ නැතුව මේ කිසි දෙයක් කරන්න බැහැ කියලා ඇතැමුන් සිතනවා. මතක තියාගත යුතුයි පරුෂවචන කියන තැතැත්තන්ට නින්දා අපහාස කරමින් ‍තළා පෙළා කතා කරන අයට මේ තාප කියන නිරයෙන් බේරීමක් නැහැ.

තාම නිරයේ ආයුෂ කෝටි නවසිය විසි එකයි ලක්ෂ එක සිය විස්සක් ඒ නිරයේ දවස් එකයි. එබදු වර්ෂ එබදු වර්ෂ තිස් දෙදහක් තාප නිරයේ පරමායුෂයි. පරුෂ වචනවලින් අත්මිදිය යුතු බව ඉතා හොදින් තේරුම් ගතයුතුයි.

සම්ඵප්‍රලාප යනු හිස්වචන කීමයි එබදු හිස් වචන කීම නි‍රයේ ඉපදෙන්නට හේතුවක් බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා.

හිස් වචන කියා නිරයේ උපත ලැබුවකු පිළිබදව අපට තවමත් තෙැරතුරක් ලැබී නැහැ. කෙසේ වෙතත් හිස් වචනත් අකුසල කර්මයන්ට අයිති බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. හිස් වචන නිසා සිහිකල්පනාව අඩු වීම ගැඹුරු දහම් කාරණා අවබෝධ කරගැනීමට නොහැකි වීම ආදිය වෙයි. මොනවද මේ හිස් වචන කියන්නේ වැඩකට නැති දෙ කතා කිරීමයි.

අභිධ්‍ය යනු තමා සතු දේට අධික ලෙස තණහාව සේම අන්සතු දේට ආශා කිරීමයි. මෙයත් දස අකුසල කර්මයන් අයත් වෙනවා.මෙයත් නිරයගාමි වෙන්න‍ හේතුවක් වෙනවා‍. නිරයේ නිදහස් වෙලා. මනුස්ස ලෝකයට ආවාම දුප්පත් වෙලා ඉපදෙනවා. ලැබෙන ධන සම්පත් විනාස වෙනවා. වෙහෙස මහන්‍සිවෙලා උපයා ගන්නා දුෂ්කර විම අභිධ්‍යා නොහොත් අධික ලෝබය හේතු වෙනවා.

ඊ ළඟ අකුසලය කියන්නේ ව්‍යාපාදයයි තරහා වෛරය ‍ක්‍රෝධය ඉරිසියාව එකට එකතු වීම මේ නම් වලින් මේ සියල්ලටම නිරය ගාමීවෙනවා. දුරුවර්ණ ශරිරවලින් යුතු විම සිදුවනවා.

දස අකුසලයන්ගෙන් අවසාන එක මිථ්‍යාදෘෂ්ටිය . පින් පව් අකුසල් විස්වාස නොකිරීම මෙලොව පරලොව විස්වාස නොකිරීම මේ අකුසල කර්මයන් සිදු කරන්නන් මරණින් මතු නිරයේ උපදිනවාමයි. මිථ්‍යාදෘෂ්ටි වල එල්බගෙන ඉන්න සිටින්නන් නිරය ගාමි විමෙන් අනතුරුව නිරය විනාශ වෙනවා නම් වෙනත් නිරයක ඉපදෙනවා. ඒ නිරය විනාශ වෙනවා නම් වෙනත් නිරයක ඉපදෙනවා.වෙනත් සක්වළ සියල්ලහිම නිරය විනාශ වෙනවා නම් මිථ්‍යා දෘෂ්ටිකයන්ට ඉපදෙන්න වෙනම නිරයක් පහළ වෙනවා කියලා බුද්ධ දේශනාවේ සදහන් වෙනවා මිත්‍ය දෘෂ්ටිය නිසා අපායගාමි වෙලා බො‍හො කාලයක් දුක් විදලා මනුස්ස ලෝකයට පැමිණි විට ප්‍රඥාව නැති අය බවටපත්වෙනවා. මෙසේ කර්මයත් කර්ම පලයක් දැනගෙන සැදැහැඇති සත් පුරුෂයන් නිරයෙන් මිදෙත්වා.! කුසල කර්මයෙන් යෙදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා..

සුභද්‍රා දේශප්‍රිය

Comments