SLT Fibre තාක්‍ෂණයේ බලගැන්වීමෙන් Havelock City තෙවැනි සහ සිව්වැනි අදියරටත් | Page 2 | සිළුමිණ

SLT Fibre තාක්‍ෂණයේ බලගැන්වීමෙන් Havelock City තෙවැනි සහ සිව්වැනි අදියරටත්

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සපයන්නා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයෝජන මණ්ඩලයේ අනුමත මිරේකා හෝම්ස් පුද්ගලික සමගම සමගින් එක්ව එම ආයතනයේ මෙරට විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන හැව්ලොක් සිටි හී තෙවැනි සහ සිව්වැනි අදියරවල විදුලි සංදේශ සැපයුම්කරුවා බවට පත්වෙයි. අදාළ ගිවිසුම දෙපාර්ශ්වයේම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත්දා කොළඹ SLT ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අස්සන් තැබුණි.

හැව්ලොක් සිටි බිහිව ඇත්තේ එහි පදිංචිකරුවන් හට ‘නගරයක් තුළ නගරයක් ’යන සංකල්පයේ පහසුව මනා සේ අත්විඳිය හැකි අයුරිනි. මහල් නිවාස 445කින් සමන්විත සංකීර්ණ 4කින් යුක්ත වන මෙම ‘හැව්ලොක් සිටි’ ව්‍යාපෘතියේ මේ වන විටත් නිමව ඇති පළමු සහ දෙවැනි අදියරවල පදිංචිකරුවෝ ඔවුන් වෙත හිමි කරදුන් ආවේණික ජීවන රටාවේ මිහිර විඳගනිමින් සිටින අතර

SLT විසින් පිරිනමනු ලබන විශ්වාසනීයත්වය සහ අනර්ඝත්වය තහවුරු කළ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සමගින් එය තවදුරටත් ත්‍රිවුර කර තිබේ. මෙහි අදාළ පළමු සහ දෙවැනි අදියරවල ද තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ පහසුකම් සපයන්නා බවට පත්වූ SLT මගින් එහි ඇමතුම්, අධිවේගී අන්තර්ජාල සේවා, IPTV සේවා සහ නේවාසිකයන්ගේ ඉල්ලීම අනුව IP සේවාද සමගින් එහි සමස්ත සන්නිවේදන තාක්‍ෂණික යටිතල පහසුකම් විශිෂ්ට ලෙස සපුරාලන ලදි.

සමස්තයක් වශයෙන් ගත් විට 600ක් ඉක්මවන මෙම නිවාස සියල්ල වෙනුවෙන් FTTH triple play සේවා (ඇමතුම්, බ්‍රෝඩ්බෑන්ඩ් සහ පියෝ ටීවි) මෙන්ම එහි නේවාසිකයන් සඳහාම වන අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය ද සම්පාදනය කරනු ලබයි.

Comments