
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර නොවැම්බර් 6 දා සිට 10 දක්වා ප්‍රථම ටෙස්ට් තරගය ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. ගාල්ල ක්‍රීඩාංගනයේ මෙතෙක් ටෙස්ට් තරග 31 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 18 ක් ජය ගෙන පරාජය වී ඇත්තේ තරග 07 කි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන අතර, ගාලු කොටුවේ සහ ක්‍රීඩාංගණයේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් එය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන බව යුනෙස්කෝ ආයතනය දන්වා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කීඩාංගණයේ අනාගතය පිළිබඳ ගැටලු මතුවූයේ එතැන් පටන්ය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර නොවැම්බර් 6 දා සිට 10 දක්වා ප්‍රථම ටෙස්ට් තරගය ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
ගාල්ල ක්‍රීඩාංගණයේ මෙතෙක් ටෙස්ට් තරග 31 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 18 ක් ජය ගෙන පරාජය වී ඇත්තේ තරග 07 කි.
ප්‍රදේශයේ පාසල් දරුවන්, ඇතුළු පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගත නොහැකි තත්වයක් යටතේ ගාලු ජනතාවට අසාධාරණයක් වී ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි.
පොදු ජනතාවගේ පරිහරණය සඳහා ක්‍රීඩාංගණය තවදුරටත් යොදා ගත නොහැකි වීම ''බරපතළ අපරාධයක්'' ලෙසයි අමාත්‍යවරයා විසින් හඳුන්වනු ලැබුවේ.
'ගාල්ල කලාපයේ ඉන්න ළමයි අනූ දහසකට තියන පොදු ක්‍රීඩාංගණය ලැබිය යුතුව තිබෙනවා. ඉතින් අපිට ඒ වැරැද්ද නිවැරදි කරන්න තිබෙනවා.'
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
කෙසේවෙතත් ගාල්ල දිස්ත්‍රික්කයට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍ය බවත් අධිවේගී මාර්ගයෙන් පිටත පිහිටි ගාල්ලට නුදුරු මත්තේගොඩ ප්‍රදේශයේ අක්කර සියයක බිම් ප්‍රමාණයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවතත් පොදු ජනතාව අතට පත් කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට සහනයක් සැලසෙන බව ඇතැමෙක් පවසති.
නමුත් එහි පවතින ඓතිහාසික පසුබිම හා සංචාරක කර්මාන්තය දෙස අවධානය යොමු කිරීමේදී ක්‍රීඩාංගණය ඉවත් නොකර එලෙසම පවත්වාගෙන යෑම වඩාත් සුදුසු බවයි සමහරකුගේ අදහස වී ඇත්තේගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඇති 'අනවසර ඉදිකිරීම්' ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ගාලු කොටුව සහ ක්‍රීඩාංගණයේ ඇති 'අනවසර ඉදිකිරීම්' ඉවත් නොකරන්නේ නම් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ ආයතනය දන්වා තිබේ.
යුනෙස්කෝ ආයතනයේ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ ආරම්භයක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහභාගීත්වයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී සිය ආයතනය පොරොන්දුවක් ලබා නොදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු පැවසීය.
"අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අප තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ. ඉදිරියේදී එංගලන්ත සංචාරය ආරම්භ වීමට නියමිත බැවින් ඒ පිළිබඳ අප පොරොන්දුවක් ලබා දී නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතිනවා," ගාල්ල මහ නගර සභාව විසින් ගාල්ල ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබුවේ 1998 වසරේදීය.
ගාල්ල මහ නගර සභාව බදු දීමනාකාර පාර්ශ්වය ලෙස ද බදු ගැනුම්කාර පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අදාළ ගිවිසුමට අත්සත් තබා ඇත්තේ වසර 30 ක කාලයක් සඳහාය.
බදු ගිවිසුමට අනුව වසර 30 ක කාලය ඉකුත් වන්නේ 2028 අප්‍රේල් 02 වෙනි දිනටය.
ගිවිසුම ප්‍රධාන කොන්දේසි 27 කින් සමන්විතය. එම කොන්දේසි අතර:
ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවත්විමට අමතරව ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ තරග පැවත්විම සඳහා ද ලබා දිය යුතුය
ගාල්ල මහ නගර සීමාව තුළ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ හෝ රජයේ අනුග්‍රහය ලබන පාසල්වල මලල ක්‍රීඩා උත්සව සඳහා ලබා දීම ඒ අතර ප්‍රධානය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 2016 වසරේදී ද පැවසීය.
1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ.
ඒ අනුව ගාලු කොටුව තුළ කිසිදු විදේශිකයෙකුට ඉඩම් හෝ නිවාස හිමි වී නැතැයි රජයේ ආයතනවල තිබෙන නිල තොරතුරු අනුව පැහැදිලිව සඳහන් වුවත්, ගාලු කොටුව තුළ විදේශිකයින් සතු සංචාරක නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි සහ දේපොළ තිබෙන බව කොටුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පවසති. එය සත්‍යයක් නම්, ඔවුන් එම දේපොළ ලබාගෙන තිබෙන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.
මේ සමාගමේ එක් කොටස්කරුවකු වන්නේ ලාංකිකයෙකි. පසුව ඒ සමාගම වෙනුවෙන් දේපළ මිලදී ගනී. මාස කිහිපයකට පසුව සමාගමේ සියලූම කොටස් විදේශිකයා විසින් මිලදී ගෙන දේපළ සියල්ල ද තමන් සතු කර ගනියි.
අනෙක් ක්‍රමය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එමගින් බදු මුදල් අඩුකර ගැනීමේ හැකියාව ඇති අතර මෙහිදි ඔවුන්ට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත විය හැකිය.
එලෙස ගාලු කොටුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා විදේශිකයෝ ඒවා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගා තිබෙන අයුරු ගාලු කොටුවේ සංචාරය කරන විට දැකගත හැකි සුලබ දසුනකි.
විදේශිකයින්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයන් ඇතුලු ධනවතුන් ද ගාලු කොටුවේ නිවාස සහ ඉඩම්වල හිමිකරුවෝය.
2013 වසරට ප්‍රථම විදේශිකයන්ට විදේශ බදු මුදල් ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දේපොළ මිලදි ගැනීමේ හැකියාව තිබිණි.
ගාල්ල කොටුව ප්‍රදේශයේ දැනට නිවාස 276 ක්, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල 24 ක් සහ පාසල් දෙකක් පිහිටා තිබෙන අතර 2006 වසරේ සිට 2017 වසර මැද භාගය දක්වා ව්‍යාපාරික ස්ථාන 111 ක් සිය කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන බව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
මේ අතර 2017 වසර මැද භාගය දක්වා කොටුව ප්‍රදේශය තුළ ගාල්ල මහ නගර සභාවට වරිපනම් ගෙවන්නන් අතර සමාගම් නමින් වරිපනම් ගෙවන්නන් 75 දෙනෙකු සිටින නමුත් විදේශිකයින් නමින් වරිපනම් ගෙවන්නන් ඒ අතර සොයා ගත නොහැකි බව ගාල්ල මහ නගර සභාව පවසයි.
ගාලු උරුමය පදනම විසින් 2009 දි නිකුත් කර ඇති සමික්ෂණ වාර්තාවේ ද ගාලු කොටුව තුළ විදේශිකයින් සතු නිවාස සහ ගොඩනැගිලිවල විස්තර සඳහන් කර නොමැත.
ඒ අනුව ගාලු කොටුව තුළ කිසිදු විදේශිකයෙකුට ඉඩම් හෝ නිවාස හිමි වී නැතැයි රජයේ ආයතනවල තිබෙන නිල තොරතුරු අනුව පැහැදිලිව සඳහන් වුවත්, ගාලු කොටුව තුළ විදේශිකයින් සතු සංචාරක නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි සහ දේපොළ තිබෙන බව කොටුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පවසති. එය සත්‍යයක් නම්, ඔවුන් එම දේපොළ ලබාගෙන තිබෙන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.
දැඩි ලෙස වාණිජකරණයට ලක් වී තිබෙන ගාලු කොටුව තුළ සංචාරක ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාර රැසක් පවතී. සංචාරක හෝටල්, සංචාරක නිවාස අත්කම් නිමි ඇඳුම් සහ ආහාර පාන ආදිය අලෙවි කරන ආපන ශාලා බොහොමයක් ගාලු කොටුව තුළ දැකගත හැකිය.
1974 දී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988 දී යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.
ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය තුල පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිම හෝ නව ඉදිකිරිම සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබාගත යුතුය.
එලෙස අවසර ලැබෙන්නේ ඉහත කී ආයතන විසින් අනුමත කරන සැලසුමකට අනුකූලව පමණි. එවැනි නවීකරණයක දී ගාලු කොටුව තුළ පවතින නිවාස හා ගොඩනැගිලි වල ඉදිරිපස මුල් ස්වරූපය වෙනස් නොවිය යුතු අතර නවීකරණය කරන නිවසක හෝ ගොඩනැගිල්ලක වහලයද ඇතුලුව උස අඩි 33 ක උපරිමයකට යටත් විය යුතුය.
එම කොන්දේසි උල්ලංඝනය කරමින් අනවසරයෙන් සිදු කළ ඉදිකිරීම් 28 කට එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩු පවරා ඇති බවත් තවත් එවැනි ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධව ලැබුණු පැමිණිලි මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන්ය.
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මේවන විට ක්‍රිකට් තරග නොපැවැත්වෙන අතර අධික පිරිවැයක් දරා එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් එවක දැඩි විවේචන එල්ල විය.
1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයන් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසයේ පැමිණි ලන්දේසි ජාතිකයන් විසින් තවත් පුළුල් කරනු ලැබීය.
ගාලු ක්‍රීඩාංගණයේ ගැටලුව ප්‍රේක්ෂකාගාරය නම් එය ඉවත් නොකර ක්‍රීඩාංගණය ඉවත් කිරීම ගැටලුවකි. කෙසේ වෙතත් මේ සඳහා පිළිතුරුදීමට ඔක්තෝබර් මාසය දක්වා කල් ලබාදී තිබේ.
 
 









