SLT-මැලේසියා සංචාරයක් දිනා ගන්න | Page 2 | සිළුමිණ

SLT-මැලේසියා සංචාරයක් දිනා ගන්න

දිවයිනේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පරිපූර්ණ සහ භාවිතාවේ පහසුව බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතය පිළිබඳ වාර්තා ලබා දීමේ මොඩියුලයක් සාඩම්බරයෙන් හදුන්වාදෙනු ලැබේ. ප්‍රවර්ධන කාලය තුළදී SLT හි බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල භාවිතය පිළිබඳ වාර්තා ලබා ගැනීමේ සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් පාරිභෝගිකයන්ට මැලේසියාවට ආකර්ෂණීය සංචාරක පැකේජයක් දිනාගත හැකිය. මෙම සේවාව හදුන්වාදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ප්‍රවර්ධන කාලය මේ 31 දා දක්වා දිවෙයි.අතිශයින් ඩිජිටල්කරණය වූ වර්තමාන ලෝකයේ, අන්තර්ජාල සේවාවන්හි උපරිම භාවිතය සඳහා සඵලදායීව කළමනාකරණය කළ යුතු පාරිභෝගිකයාගේ මනසේ ඇති ප්‍රධාන සාධක දෙක වන්නේ වේගවත් අන්තර්ජාල සබඳතාව සහ දත්ත ධාරිතාවයි. එම නිසා තමාට හිමි දත්ත ප්‍රමාණ කෙසේ භාවිතා කරන ලද්දේද, තමා වැය කළ මුදලට නිසි වටිනාකම ලැබී ඇත්ද යන්න තහවුරු වන ආකාරයට මෙම ප්‍රධාන සාධක දෙක මනාව කළමනාකරණය කිරීම හා මෙහෙයවීම අතිශය වැදගත් වේ. ශ්‍රී ලංකා ටෙලිකොම්හි බ්‍රෝඩ්බෑන්ඩ් අගය එකතු කිරීමේ සේවා වෙබ් පිටුව සදහා ලියාපදිංචි වීමෙන් පාරිභෝගියකයන්ට ලංකාවේ පළමුවරට අන්තර්ජාල සේවා සැපයුම්කරුවෙකු විසින් ලබාදෙන එක් එක් මෘදුකාංග උපාංගය සදහා දිනපතා දත්ත වැය වූ ආකාරයද ඇතුළත් සවිස්තරාත්මක දත්ත වාර්තා ලබාගත හැකිය. මෙය SLT බ්‍රෝඩ්බෑන්ඩ් VAS Portal හි ප්‍රධාන ලක්ෂණයක් වන අතර මෙමගින් පාරිභෝගිකයන්ට පහසුවෙන් හා සඵලදායි ලෙස තම දත්ත භාවිතාව හැසිරවීමට හා විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබේ.

Comments