ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 31 දා | Page 2 | සිළුමිණ

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 31 දා

වසරක් පාසා පුවත්පත් ජනමාධ්‍යවේදීන් අගයමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදය එක්ව පවත්වනු ලබන “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ” 19 වැනි වරටත් ලබන 31 වැනිදා පස්වරුවේ ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිත ය. ගිය වර්ෂයේදී පුවත්පත්වල පළවූ ලිපි ඇසුරෙන් අංශ කීපයක් ඔස්සේ දක්ෂතම මාධ්‍යවේදීන් හට සම්මාන පිරිනැමේ. එහිදී මෙරට පුවත්පත් ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනකු හට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද සිදු වේ.

ඒ අනුව මෙවර වීරකේසරි පුවත්පතේ ඒ. එල්.එම්. සලීම්, ඩේලි මිරර්හි ඒ.එස්. ප්‍රනාන්දු, ලේක්හවුස් හා උපාලි ආයතනයේ සේවය කළ සිරිල් විමලසුරේන්ද්‍ර, දිවයින ප්‍රධාන කර්තෘවරයකු වූ මෙරිල් පෙරේරා සහ සුඩරොලි පුවත්පතෙහි සේවය කළ සින්නයියා කනේසන් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු සම්මානයෙන් පිදුම් ලබති.

Comments