ගාල්ල ක්‍රිකට් පිටිය ඉවත් කරන්නේ නෑ | Page 2 | සිළුමිණ

ගාල්ල ක්‍රිකට් පිටිය ඉවත් කරන්නේ නෑ

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බවත්, අනවසරයෙන් ඉදි කළ ක්‍රීඩාගාරය පමණක් ඉවත් කර එම ක්‍රීඩාංගණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම රජයේ ස්ථාවරය බවත් ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව නියමිත තරග කාලසටහන් අනුව ජාතික හා අන්තර්ජාතික තරග ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට කටයුතු කරන අතරම ඉහළම ප්‍රමිතිගත තවත් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් ගාලු දිස්ත්‍රික්කය තුළ අලුතින් පිහිට­ුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Comments