ට්‍රැෆික් දඩ අද සිට වැඩි වෙයි | Page 3 | සිළුමිණ

ට්‍රැෆික් දඩ අද සිට වැඩි වෙයි

රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් අද (15) සිට සංශෝධනය කර ඇති අතර, මේ දක්වා රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම සහ රියැදුරු බලපත්‍රයක් නැති අයකු රිය පැදවීමට යෙදවීම යන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් නියම කිරීම වෙනුවට ඍජුවම අධිකරණයට යොමු කිරීමට කටයුතු සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

 මේ දක්වා රථ වාහන වැරදි 23ක් වූ දඩ පත්‍රිකාව රථ වාහන වැරැදි 33ක් වන ලෙස සංශෝධනය කර ඇති බවද ඔහු කීය. නව රථ වාහන දඩ යටතේ අධික වේගයෙන් රිය ධාවනය කිරීමේදී පනවා තිබූ රුපියල් 1000ක මුදල තුන් ගුණයකින් වැඩි කර, රුපියල් 3000ක් ලෙස ඉහළ නංවා ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ධාවනය වන වාහනයකින් දැන්වීම් ප්‍රතිකා බෙදාහැරිය හොත් ඒ සඳහාද රුපියල් 1000ක දඩයක් පනවා ඇත. මීට අමතරව ඉදිරිපස අසුනේ වැඩිපුර මඟීන් රැගෙන යන වාහන යන හිමිකරුවන්ට විරුද්ධව රුපියල් 100ක් වූ දඩය රුපියල් 1000ක් දක්වා ඉහළ නංවා ඇත‍.

Comments